‘මම බාරගන්නේ ලොකු චරිත විතරයි’ හින්දි නිළියන්ටත් වඩා සුන්දර සිනෙති කියන කතාව

ඇය කලාවට පිවිසෙන්නේ සිනමාවෙන්. සිරි පැරකුම් චිත්‍රපටය මඟින් කරළියට එන ඇය නමින් සිනෙති අකිලා. සිනමාවෙන් තම ගමන ආරම්භ කළත් සිනෙති කියන්නේ මේ වෙනවිට පුංචි තිරයටද ආධුනික චරිතයක් නොවේ. කතා කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ඇය මේ දිනවල පුංචි තිරය මගින් පැමිණෙනවා. විවාහ වීමෙන් පසුවත් තමන්ගේ ගමන කලාවෙන්ම යන සිනෙති කියන්නේ රූමත් තරුණියක් ද බව කිව යුතුමයි. විවාහය සිදුවීමත් සමග කාලයක් නිහඬ වුන සිනෙති නැවතත් කරලියේ දක්ෂතා පෙන්වනවා.

සිනෙති කියන්නේ සිනමාවටම කොටු වුණ කෙනෙක් ද, ”මම වැඩිපුරම මූලික තැන දෙන්න චිත්‍රපටිවලට .මම මෙගා නාට්‍යවලට නම් ලොකු කැමැත්තක් නැහැ. හොද චරිතයක් ලැබුණොත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙනවා. ගොඩක් වෙලාවට ඒ කොටස් අඩු ටෙලි නාට්‍යවලට තමයි. මට ගොඩක් ආරාධනා ලැබෙන්නේ සිනමාවට. සම්බන්ධ වුන ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. කරපු චිත්‍රපටි කිහිපයකුත් තිරගත වෙන්න තියෙනවා.”

විවාහයත් එක්ක සැමියන්ගෙන් කලාවට සම්බන්ධ වීමට බාධා එල්ල වුණේ නැද්ද, ”ඇත්තටම ඒ වගේ දෙයක් සිද්ධ වුණේ නැහැ. එයා කවදාවත් මට රඟපාන්න එපා කියලා නීති දාලා නැහැ. මට එයාව හම්බෙන්නෙ මුලින්ම සිරි පැරකුම් චිත්‍රපටයට ඇඟ හදාගන්න ජිම් එකට ගියාට පස්සේ අකිල අයියා හරහා. එයා කවදාවත් මාව නීති රාමුවකට කොටු කරලා තිබ්බ කෙනෙක් නෙවෙයි. කලා කටයුතුවලට උපරිම සහයෝගය දෙනවා වගේම උපරිම නිදහස එයා මට දෙනවා. විවාහ වුනත් එක්කම මම මගේ ජීවිතයේ මුල් තැන දුන්නේ පවුලට. කොහොමත් අපි දෙන්නා ගොඩක් ආදරෙන් ජීවිතේ තේරුම් අරගෙන ජීවත් වෙනවා. ලගදිම මව් පදවිය බලාපොරොත්තුවෙන් තමයි අපි දෙන්නා ඉන්නේ. කොහොමත් සීමා නැති ආදරේ නිසා හිත නිදහස්.”

සිනෙති කියන්නේ මේ වෙද්දි ජනප්‍රිය චරිතයක්ද, ”අපෝ එහෙම දෙයක් නැහැ. සිනමාවට ආව මුල් කාලේ ගොඩක් අය කිව්වා මම හරි ආඩම්බර චරිතයක් කියලා. රඟපාපු චරිතය ආඩම්බර වුණාට මම සැබෑ ජීවිතේදී ආඩම්බර කෙනෙක් නෙවෙයි. මම කලාවට සම්බන්ධ වුණේ ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් නෙමෙයි. ටෙලි නාට්‍යවලටත් ලොකු දායකත්වයක් දුන්නා නම් මිට වැඩිය තැනක් මට හදාගන්න තිබුණා. හැබැයි මට ජනප්‍රිය වෙන්න කොහෙත්ම වුවමනාවක් තිබුණේ නැහැ. ඉදිරියටත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම කැමති හිමින් මගේ ගමන යන්න. අඩුපාඩු හදාගෙන කලාවෙ සාර්ථක ගමනක් යන්නයි මම ආස.”

ඔබ දැන් පුංචි තිරයටත් සම්බන්ධ වෙලා ඉන්නවා, දිගටම පුංචි තිරයට සම්බන්ධ මත් ඔබට සිනමාව මග හැරෙයි ද, ”සිනමාව කියන දේ තමයි මගේ ජීවිතේ වෙනස් කළේ. මම ආස කවදාහරි සිනමාවේ නිළියක් වෙන්න. එහෙම කියලා ටෙලිනාට්‍යවලට අකමැත්තක් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *