Sat. May 21st, 2022

නෙහාරා පීරිස් කියන්නේ මෙරට ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් ද වෙනවා. ඇය විවාහ වෙන්නේ කලාවෙන්ම ජීවත්වෙන දක්ෂ රංගන ශිල්පියකු හා අධ්‍යක්ෂවරයෙකු වන මේනක රාජපක්ෂ සමඟ. නෙහාරා මේ වෙනවිට ආදරණිය මවක්. දරුවා නිසාම අවුරුද්දක් පමණ කලාවෙන් ඈත් ව සිටි ඇය නැවතත් පුංචි තිරය තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් වී තිබෙනවා. මවක වුවත් ඇයගේ රුවේ නම් කිසිදු අඩුවක් සිදු වී නැහැ. මවක් වෙන්න කලින් ඔබ ගෙවපු ජීවිතයමද අදටත් ගත කරන්නේ, ඒ සැහැල්ලු බව ඒ විදිහටම මේ ජීවිතේ තුළ තියෙනවද,ජී විතයේ ඉස්සර තිබුණු සැහැල්ලු කම මට දැන් නැහැ. ඒකට හේතුව මම දැන් මොන වැඩේ කරන්න ගියත් මට මතක් වෙන්නෙ මගේ බබාව. මගේ බබාට දැන් අවුරුද්දක් ගෙවිල ඉවරයි. එයාගෙ අධ්‍යාපන කටයුතු ගැන මතක් වෙද්දි මට දැනෙන්නෙ ලොකු වගකීමක්. මම හිතනවා මට ඒ හැමදේම කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒකට මට හොඳ ශක්තිමත් වටපිටාවක් තියෙනවා. ඒ වුණත් අම්මා කෙනෙක් විදිහට දරුවෙක් ගැන තියෙන්නේ ලොකු වගකීමක් කියලා මට දැනෙනවා.

ජනප්‍රිය තරු බොහෝමයක් තමන්ගේ දරුවන් වෙනුවෙන් යුටියුබ් චැනල් කරගෙන යනවා. ඇත්තටම මේක රැල්ලක් විදිහට නේද සිද්ධ වෙන්නේ, මම මගේ බබා වෙනුවෙන් එෆ්බී ඉන්ස්ට්‍රග්‍රෑම්, යුටිබ් චැනල් එකක් කරගෙන යනවා. මම නම් හිතන්නේ ඒක දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක් කියලා. ජනප්‍රිය තරු වලට විතරක් නෙවෙයි ලෝකෙ ජීවත් වෙන ඕනම කෙනෙකුට මේ දේවල් වලින් ජනප්‍රියත්වයක් ලබා ගන්න පුළුවන්. ජනප්‍රියත්වයටත් වඩා තමන්ට ප්‍රිය කරන කොටසක් හදාගන්න පුළුවන්. ඒ හරහා කිසියම් මුදලක් පුද්ගලයෙකුට ඉතුරු කරගන්න පුළුවන්.

2007 2009 අවුරුදු වල මගේ එෆ් බී එකවුන්ට් එකේ ලක්ෂය ඉක්ම වලා හිටියා.හැබැයි මම ඒ ගිනුම අයින් කරගත්තා. මම දරුවා වෙනුවෙන් මේ දේවල් ඉදිරියටත් කරගෙන යනවා. එයාට අවුරුදු 18 උනාට පස්සේ එයාට තනි තීරණ ගන්න පුළුවන්. අම්මා කෙනෙක් විදියට මම හරි ආඩම්බර වෙනවා මගේ දරුවාගේ හුරතල් ලෝකෙටම පෙන්නන්න පුළුවන් වෙන එක ගැන. දරුවාට අවුරුදු 18 වුණාට පස්සේ එයාට කැමතිනම් මේ දේවල් ඉදිරියටත් කරගෙන යන්න පුළුවන් නැත්නම් අයින් කරන්න පුළුවන්. මම කී දේවල් වල කිසිම වැරැද්දක් දකින්නේ නෑ .රැල්ලක් වුනත් ඒක හොඳ දෙයක්.

ඔබ තවමත් රඟපාන්නේ ප්‍රධාන චරිත විතරයි ද, ඔව් ඒක මගේ ප්‍රතිපත්තියක්. මම රඟපාන්න නිර්මාණයක් බාර ගන්නවා නම් බාරගන්නේ ඒ මට ප්‍රධාන චරිතය ලැබෙනවා නම් විතරයි. බබා ලැබිලා ටික කාලයක් යනකම් මම රඟපාන්න කටයුතුවලට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මම කාලයක් නිහඩව හිටියත් මට ආයෙත් අලුත් ප්‍රධාන චරිතයක් ගුග්ලි ටෙලිනාට්‍ය හරහා ලැබිලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *