මම බඳින්න හොයන්නේ යමක් කමක් තියෙන රාජ්‍ය සේවකයෙක් – හමුදා පෙම්වතාට සමුදුන් ජනප්‍රිය නිලි නයනි රාමනායක

අපේ කළා නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතරින් වැඩිම තරුණ ආකර්ෂණයක් දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනි රාමනායක කියන්නේ, පහුගිය කාලයේ හැමෝම අතර ඉක්මනින්ම ජනප්‍රිය වෙලා හැමෝගෙම කතාබහට ලක්වුන නයනි රාමනායක සමගයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, නයනි කියන්නකෝ කොහොමද කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ ”මම පොඩි කාලේ ඉඳන්ම කළා ක්‍ෂේත්‍රයට ගොඩක් ආසයි, හැබැයි මට රංගනයට පිවිසෙන්න අවස්ථාවල් ලැබුනේ නෑ, ඉතින් එහෙම ඉද්දී මම චාමර සමරවික්‍රම අයියගේ ඔඩිෂන් එකකට යනවා, එතනදී ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සර් මාව සිලෙක්ට් කරනවා, මාව තෝරාගෙන තිබ්බේ ‘හිරු ඇවිදින්’ කියන නාට්‍යට, ඒක තමයි මගේ පලවෙනි අත්දැකීම, එහෙම තමයි මම රංගනයට සම්බන්ද වෙන්නේ”

ඉතින් දැන් මොනවද කරන අලුත් වැඩ ”මේ දවස්වලනම් මම නිර්මාණ කිහිපයකටම රංගන දායකත්වය ලබා දෙනවා, ඒ නිසා ගොඩක්ම කාර්යබහුල කාලයක් තමයි මේ ගෙවෙන්නේ, සිරස ටීවී නාලිකාවේ ‘චන්දෝලි’ නාට්‍යයේ පුන්නි කියන චරිතයට පන පොවනවා, ඒ වගේම ස්වාධීනරූපවාහිනීයේ විකාශය වන ‘දිව්‍යාදරි’ ටෙලි නාට්‍යයේ ටික්කි කියන චරිතයට පන පොවනවා, ටීවී දෙරණ නාලිකාවේ විකාශය වන දෙකොන් මාරු ටෙලි නාට්‍යයේ මන්දාකිනි කියන චරිතයටත් මම සම්බන්ද වෙලා ඉන්නවා, මේ හැම චරිතයකටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා”

පවුලේ තොරතුරු එහෙම මොනවද..? ”මගේ තාත්තා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙක්, මම ඉගන ගත්තේ විහාර මහා දේවී බාලිකා විධ්‍යාලයෙන්, අම්මා ඒ පාසලේම ගුරුවරියක විදියට සේවය කළා, මට ඉන්නේ එකම එක සහෝදරයෙක් විතරයි, එයා වෛද්‍යවරයෙක්, කහටගස්දිගිලිය රෝහලේ තමයි වෛද්‍යවරයෙක් විදියට සේවය කරන්නේ, මම ඉතින් කලාවත් එක්කම තමා ඉන්නේ,”

රංගන ශිල්පිනියක විදියට නයනි අද ඉන්න තැන ගැන ඔයාට මොකද හිතෙනේ ”හදවතට එකඟව ඇත්තම කියනවනම් මම කවදාවත්ම හිතුවේ නෑ කළා ක්‍ෂේත්‍රයේ මට මෙච්චර ගමනක් එන්න පුළුවන් වේවි කියලා, සමාජේ අය මොන මොන දේවල් කිවුවත් මම විශ්වාස කරනවා ඕනෑම ක්‍ෂේත්‍රයක හරියට ඉන්නවනම් ඉන්න පුළුවන් කියලා, මම මේ ක්‍ෂේත්‍රයේ ඉතාම සතුටින් ඉන්නේ, ඒ වගේම මාව මේතරම් තැනකට එන්න උදවු කරපු සමරවික්‍රම අයියට මම ස්තුති කරනවා, මොකද එයා නිසා තමයි මම මෙතැනට ආවේ”

නයනි කාලෙකට කලින් දෙරණ නාලිකාවේ වැඩසටහනකට ඇවිත් ප්‍රකාශ කලේ ඇයගේ පෙම්වතා හමුදාවේ සේවය කරන කෙනෙක් කියලා, කොහොම වුනත් එයා එක්ක විවාහ වේවිද කියලා ෂුවර් නෑ කියලත් ඇය එම වැඩසටහනේදී ප්‍රකාශ කරනවා, ඒකට හේතුව විදියට ඇය කියන්නේ ඇය රංගනයේ නියැලෙනවට පෙම්වතා අකමැති වීම, කොහොම වුනත් දැන් අපට දැනගන්න ලැබුනේ ඇයගේ එම ආදර සම්බන්දය නතර වෙලා කියලා, ඉතින් ඇය පසුගිය දවසල ලංකාවේ ජනප්‍රිය පුවත්පතකට විවාහ වෙන්න තෝරාගන්න කෙනා පිළිබඳව කියලා තිබ්බේ මේ වගේ කතාවක් ”මම කළා ක්‍ෂේත්‍රයේ කෙනෙක්ට නම් කැමති වෙන එකක් නෑ, මොකද මගේ පවුලේ හැමෝම රජයේ ජොබ් කරන අය ඉතින් මමත් හොයන්නේ යමක් කමක් තියෙන රාජ්‍ය සේවයේ නිරතවෙලා ඉන්න කෙනෙක්” කියලයි, ඉතින් ඇයට පෙම්වතෙක් ඉක්මනටම ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා”

Related Posts