‘මම බඳින්න හොයන්නේ අහිංසක පොලවේ පය ගහලා ඉන්න කොල්ලෙක්’ නිම්මි කියන කතාව

නාඩගමිකාරයෝ ටෙලි නාට්‍ය හරහා නවක රංගන ශිල්පිනියක් විදියට ජනතාව අතරට ආව ඇය මේ වෙද්දි හැමෝම දන්න චරිතයක්, නවක යොවුන් රංගන ශිල්පිනියක් වුවත් ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුළ ඇය මාස්ටර්ගේ පොඩි දුව විදිහට රඟපානවා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය නිම්මි මනෝහාරි. මේ සූදානම ඇය ගැන කතා කරන්න .

නිම්මි ඉගෙන ගත්තේ කවදහරි දවසක නිළියක් වෙනවා කියන බලාපොරොත්තුවෙන් ද හිටියේ, ”ඇත්තටම මම නිළියක් වෙන්න ඕනි කියලා නම් හිතුවේ නැහැ. හැබැයි මං ගොඩක් වෙලාවට පාසලේ මාධ්‍ය ඒකකයත් එක්ක එකතුවෙලා වැඩ කටයුතු කලා. ගොඩක් වෙලාවට මම නිවේදිකාවක් විදියට තමයි වැඩ කටයුතු කළේ. කාලයත් එක්ක මට නිවේදන කියන වෘද්ධි අතාරින්න සිද්ධ වුණා, ඒ මොකද මගේ අම්මා හෙදියක්. තාත්තා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්, මේ හැමදේම නිසා මට මල්ලි බලා ගන්න ගෙදර ඉන්න සිද්ධ වුණා. නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය කියන්නේ මම සහභාගි වෙන මුල්ම නිර්මාණය. අහම්බෙන් තමයි මට ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.”

කලා ලෝකේ ඔබට හිත ගිය තරුවක් ඉන්නවාද, ”මට මුකුත් නොතේරෙන කාලේ මම මුලින්ම බැලුවේ ආදරණිය වස්සානය. ඒ කාලේ නම් ඇත්තටම කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ, හැබැයි මට තේරෙන නොතේරෙන කාලෙම සිනමාවේ මට වීරයෙක් හිටියා, ඒ තමයි රොෂාන් රවින්ද්‍ර. රොෂාන් රවීන්ද්‍ර ගේ රංගනයට ඇත්තටම මම පුදුමාකාර විදියට කැමතියි. ඔහු ඇවිදින විලාසිතාවෙන් පවා වෙනස්ම හැකියාවක් පේනවා. අදටත් ඔහු රඟපෑ සියලු ඉරියව් මට හොඳට මතකයි.”

මේ වෙද්දි නිම්මි ප්‍රේමවන්තියක් ද, ”අපොයි තවම නැහැ. මම හිතන්නේ ආදරය කියන දේ හදවතට දැනෙන්න ඕනි දෙයක්. මට එහෙම දැනුන ආදරයක් තවම නැහැ. මම හොයන්නේ සරල අහිංසක පොලවේ පයගහලා ඉන්න කොල්ලෙක් කවදාහරි එහෙම ආදරයක් නොදැනුනොත් මම තනියම ජීවත් වෙනවා. මම කොහොමත් කිසිම දෙකට හදිස්සි දෙකට හදිස්සි තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා ආදරයටත් කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. හැමදේම මේ වෙනකන් සිද්ධ වුණා වගේ පිළිවෙලකට සිද්දවෙයි.”

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය තුළ ඔබට ලැබුණු චරිතය ගැන කතා කළොත්, ”ඇත්තටම මට ඒ චරිතය ලැබෙද්දී හිතාගන්න බැරි වුණා. නරිථනය ගැන යම් යම් දේවල් දැනගෙන හිටියත් මම රංගනය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මම චරිතයට මුහුණ දුන්න හොඳ අවබෝධයකින්. ජනප්‍රිය තරු එක්ක තමයි මට රඟපාන්න අවස්ථාව හම්බ වෙන්නේ .ඒ නිසා මුලින් ලොකු බයකුත් තිබුණා. මම නවක රංගන ශිල්පිනියක් වුණාට ප්‍රවීණයෝ ගොඩක් මගේ බය නැති කළා. එයාලා හරි ආදරෙන් මගේ අඩුපාඩු පවා කියලා දුන්නා. ඉතින් ඒ නිසාම චරිතය සාර්ථක කරන්න මට හැමෝම උදව් කළා. මමත් චරිතය වෙනුවෙන් උපරිම කැප කිරීමක් සිද්ධ කරනවා.”

ලැබෙන ප්‍රතිචාර ගැනත් මතක් කළොත්, ”හිතුවට වැඩිය ගොඩක් හොද ප්‍රතිචාර මට ලැබෙනවා. කවදාවත් හිතුවේ නැහැ ප්‍රේක්ෂකයන් මට මේ තරම් ආදරේ කරයි කියලා. බස් එකක මම යද්දි වුණත් කට්ටිය මාව දැන් අඳුරනවා. මගෙන් විස්තර අහනවා, මාත් එක්ක සෙල්ෆි ගන්නවා. මට ඕනේ ඒ ප්‍රේක්ෂක ආදරය හැමදාම තියාගන්න විතරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *