‘මම බඳින්න හොයන්නේ අවංක කොල්ලෙක්’ තවමත් තනිකඩ නිලි හිත හොඳ චුලක්ෂි කියන කතාව

වසර ගානකට ඉහතදී හොඳම නිරූපිකා කිරුළ දිනාගත් චුලක්ෂි රණතුංග ගැනයි කතා කරන්න සූදානම් වෙන්නේ. දේදුනු ආකාසේ චිත්‍රපටය හරහා සිනමාවට එක්වුන ඇය ලෝකයට පමණක් නොව රංගනයට දක්ෂ හැකියාවක් තිබෙන බව පෙන්වා අවසන්. ඒ වගේම මේ වනවිට ඇය රංගන දායකත්වය ලබාදෙන ‘ගිනිමල් පොකුරු’ සිනමාපටයත් ලංකාවේ හැමෝම අතර ජනප්‍රියයි.

ඇත්තටම චුලක්ෂිට පුංචි තිරය ගැන තියෙන මොන වගේ කැමැත්තක් අදහසක් ද, ”මම හැම වෙලාවකම ආස කළේ දක්ෂ සිනමා නිළියක් වෙන්න. හැබැයි ඒකෙන් කවදාවත් අදහස් වෙන්නේ නැහැ මම ටෙලි නාට්‍යය ප්‍රතික්ෂේප කරනවා කියලා. විශේෂයෙන්ම මට ඕනේ මිනිස්සුන්ට මතක හිටින චරිතයක් වෙන්න. මිනිසා මට ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා. රංගනය කියන ක්ෂේත්‍රයේදී මට ඕන වුණේ චූලක්ෂි කියන නිරූපිකාව යටපත් කරලා චුලක්ෂි කියන නිළිය එලියට ගන්න. කොහොමත් මම අභියෝගාත්මක චරිත බාර ගන්න කැමතියි.”

චුලක්ෂි රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් තියෙනවද, ”ඇත්තටම ඒ ගැන මම තාම තීරණය කරලා නැහැ. කොහොම වුණත් රංගනයෙන් ඈත් වුණත් මම කැමැතියි හැමෝටම මතක හිටින චරිතයක් වෙන්න. ඉතිං ඒ නිසාම මම කරන හැම නිර්මාණයකටම සාධාරණ ගානක් ගන්නවා. හැබැයි මම මුදල මත නිර්මාණය භාර ගන්නේ නෑ.”

ආදරය ගැන කතා කළොත්, ”ආදරේ ගැන මට තියෙන්නේ බිඳුනු හැඟීමක්. මම ආදරේ කියන දේ බලාපොරොත්තු වෙනවා. මම හොයනවා මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද කියලා. කාලයත් එක්ක ඒ දේවල් බලමු. මොකද හරිම කෙනා ජීවිතයට එන්න කාලයක් යනවා. කොහොමත් මම හොයන්නේ. විශ්වාසය රකින්න පුළුවන් කෙනෙක්. අනික අවංක වෙන්නත් ඕන. ඉතින් එහෙම කොල්ලෙක් ලැබුන දවසක බලමු”

රංගනයේදී චරිත තෝරා බේරා ගන්න කෙනෙක්ද, ”ඇත්තම කිව්වොත් ඔව්. මොකද මම මුලින්ම නිර්මාණයේ පිටපත ඉල්ලනවා. කොහොමත් මම නිර්මාණයට සම්බන්ධ වෙන හැමෝම ගැන හොයලා බලන කෙනෙක්. විවිධත්වයන් පෙනෙන චරිත රඟපාන්න මම කැමැතියි. එහෙම නැතුව ආවට ගියාට රඟපාන නිලියක් නෙවෙයි මම”

Leave a comment

Your email address will not be published. Required fields are marked *