Tue. May 17th, 2022

පුංචි තිරය තුළ ඇය දකින්න ලැබෙන්නේ අහිංසකාවියක් විදිහට. ඇගේ පෙනුම නිසාමදෝ ඇයට ලැබෙන්නේ අහිංසක චරිත. ඇය නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම සුරූපී සුරූපී රංගන ශිල්පිනියක්. ඇය නමින් ෂොහානි කහඳවල. ඉතින් මේ සූදානම පුංචි තිරයේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ දිනාගන්න ඇය ගැන කතා කරන්නයි. ඇය ඇයට ලැබෙන හැම නිර්මාණයකටම සහභාගී නොවී සමහර නිර්මාණ ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා. ”මට නිර්මාණ කීපයකටම ආරාධනා ලැබුණා. මම ආස නැහැ වැඩ බදාගෙන කරන්න. ඒ නිසා මම නිර්මාණ දෙක තුනකට වගේ සහභාගි වෙනවා. නිර්මාණ බදාගෙන කරන්න ගියාම නිර්මාණයට වගේම චරිතයටත් කරන්නේ ලොකු අසාධාරණයක්. එනිසාම විවේකයක් අරගෙන තමයි මම චරිත වලට සම්බන්ධ වෙන්නේ. මට ඕනේ කරන දේ හරි විදියට කරන්න.”

පුංචි තිරය තුළ ඔබ හැමදාම අහිංසකාවියක් විතරයි. ඉතින් ඔබට වෙනස් චරිත ලැබුනේ නැද්ද, ”මම කරපු හැම චරිතයක්ම එකිනෙකට විනිවිද චරිත. සමහරවිට මට ඒ වගේ චරිත ලැබෙන්නේ මගේ බාහිර පෙනුම නිසා වෙන්න ඇති. කොහොම වුණත් ඉදිරියේදී වෙනස් චරිත ඔස්සේ රසිකයින්ගේ ආදරය දිනාගන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම සුවිශේෂී චරිත කීපයක්ම කළා.ඉදිරියේදී ඒ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

සිනමාවට ඔබේ තියෙන්නේ අඩු කැමැත්තක් ද, ”අවුරුදු ගාණක් තිස්සේ සිනමා ශාලා වැහිලයි තිබුනේ. දැන් තමයි ටිකක් යථා තත්ත්වයට ටිකක් පත්වෙමින් තියෙන්නේ. මමත් ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ හොඳ සිනමා නිර්මාණයකට සහභාගි වෙන්න. බලමුකෝ පහුගිය කාලය පුරාවටම කාට උනත් යම් යම් ගැටලුවකට මුහුණපාන්න සිද්ධ වුණ. නැවත රට යථා තත්ත්වයට ටික ටික පත් වෙමින් තියෙන නිසා නිර්මාණ වලට සහභාගි වෙන්න පුළුවන් වේවි කියල මම හිතනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *