මම පොඩි වයසට වැඩ ගොඩක් කළා, නිකන් ඉන්න වෙලාවට මම නටනවා – දසුනි සෙනෙත්මා

මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියන් අතර විතරක් නෙවෙයි වැඩිමහල් පරම්පරාවත් ඉතාම ආදරෙන් නරඹන ලස්සන ටෙලිනාට්‍යක් තමයි රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ යෙනුකිගේ චරිතයට පන පොවන දසුනි සෙනෙත්මා, ඉතින් අද අපේ කතාබහට ආදරෙන් එකතු කරගන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන දසුනි සෙනෙත්මායි, ඉතින් දසුනි කියන්නකෝ කොහොමද මේ ක්‍ෂේත්‍රයට අවේ ”මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට එන්නේ දෙරණ නාලිකාව හරහා ඒ දෙරණ ලිටිල් ස්ටාර් තරඟය හරහා, මම මුලින්ම ඉදිරිපත් වුනේ සීසන් 4 එකට ඊටපස්සේ මම සීසන් 5 එකෙන් අවසන් 5දෙනා අතරට ආවා, ඊටපස්සේ ළමා වැඩසටහන් වලින් පස්සේ වෙළඳ දැන්වීම් වලට පෙනී හිටියා, ඒ විදියට තමයි ආවේ”

දසුනි රඟපාන්නේ ටෙලිනාට්‍ය වලට විතරට පුංචි තිරයෙන් රිදී තිරයට එන්න අදහසක් නැද්ද..? ”මම දැනටමත් ෆිල්ම් දෙකකට මගේ රංගන දායකත්වය ලබාදීල තියෙනවා, ඒ වගේම මම බාරගත්ත තව පිල්ම් කිහිපයකම ෂූටින් වලටත් යන්න තියෙනවා, රාජිත හිරාන් අයියගේ රයිඩර් ෆිල්ම් එකේ රොෂාන් අයියා එක්ක එයාගේ පෙම්වතිය විදියට මම රඟපෑවා, ඒ වගේම සනත් ගුණතිලක සර්ගේ දඬුවම ෆිල්ම් එකේ කුසල් අයියගේ වයිෆ් විදියට රඟපෑවා,”

සසුනි පොඩි වයසට වැඩ ගොඩක් කරලා නේ ” හැමෝම කියනවා මම පොඩි වයසට වැඩ ගොඩක් කළා කියලා, මම මීට වඩා වැඩ කරනවා හැබැයි මම අධ්‍යාපන වැඩ වලට මුලිකත්වය දීලා තමයි අනිත් වැඩ කලේ, ඇත්තම කියනවනම් මම රංගනයට වඩා ගොඩක්ම දක්ෂ ඉගනගන්න, මගේ එකම අරමුණ අධ්‍යාපනයෙන් එහලටම යන්න, අදටත් මම වැඩ කරන්නේ ඒ ගැන හිතලා, මම ඒ සිහිනය සැබෑ කරගන්න එක තමයි මගේ තාත්තගේ ලොකුම ආසාව, ඉතින් ඒ දේ මම කොහොමහරි ඉෂ්ට කරනවා”

දසුනි විවේකව ඉන්න වෙලාවට විනෝදාංශයක් වශයෙන් කරන්නේ මොකද්ද ”වෙලාවක් ලැබෙන හැම මොහොතකම මම පොතක් කියවනවා, එහෙම විශේෂ තේරීමක් නෑ, ෆිල්ම් බලනවා, විනෝදාංශයක් කියලා ලොකුවටම කරන්නේ නවකතා කියවන එක, අනිත් මම කැමතිම දේ පවුලේ අයත් එක්ක කාලය ගතකරන එක, හැබැයි මම නිකන් ඉන්න වෙලාවට නටනවා, පොඩිකාලේ ඉඳන්ම මම නටන්න ආසයි,

Related Posts

Leave a Reply

Your email address will not be published.