Tue. May 17th, 2022

ජනතාව ඇයව මිනුම් දණ්ඩකින් මනින්නේ ඇගේ දක්ෂතාවය නිසාමයි. සමනලී ෆොන්සේකා කියන්නේ විවිධ චරිත ඔස්සේ ජනතාවගේ හදවත් වලට එන චරිතයක්. ඇය බොහෝ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. මේ කාරණා නිසාම ඇයට ජනතාවගේ ගෞරවය ආදරය නිරතුරුවම හිමිවෙනවා. උපන් දිනය දවසට සමනලී මොකද කරන්නේ, මම පුංචි කාලේ නම් අම්මා තාත්තා එක්ක එකතු වෙලා පුළුවන් විදිහට පුංචි සැමරීමක් කලා. ඒ ගෙවුණු හැම අවුරුද්දකම උපන් දින කේක් එකක් කැපුව කියලා නම් මට මතකයි.

මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක් නිසාම ඒ හැම උපන්දින සැමරුමකම ෆොටෝ අරගෙන තියෙනවා. ඒවා ගොඩක් පරිස්සමට අදටත් මම ළඟ තියෙනවා. මේ හැමදේටම අමතරව උපන් දිනය දවසට අනිවාර්යෙන් අපේ ගෙදර කිරිබත් හදනවාමම පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ආසයි ඒවා කන්න. ඔය විදියට විශේෂ දේවල් තමා කළේ. හැබැයි දැන් නම් එහෙම විශේෂ දෙයක් නැහැ. ඒ දවසත් මට අනිත් දවස් වගේම සාමාන්‍ය.

පාසල් යන කාලේ යාලුවෝ එක ගත කරපු කාලය, මගේ උපන් දිනය දවසට පාසල් යන කාලේ අනිවාර්යෙන් කේක් අරගෙන යනවා. හැමෝම එක්ක බෙදාගෙන කනවා. හැබැයි ටික ටික ලොකු වෙනකොට ගෙදර පුංචි පාටියක් දෙනකොට යාලුවන්ට ආරාධනා කළා. ඔය වගේ සිම්පල් දේවල් තමා කලේ.

සමනලී කියන්නේ රටක් දන්න රංගන ශිල්පිනියක්. උපන්දිනේ දවසට රසිකයින්ගෙන් ලැබෙන ආදරේ කොහොමද, මට රසිකයින්ගෙන් ලැබෙන ආදරය ගැන කියන්න වචන නැහැ. ඒ ආදරේ මම ගොඩක් සතුටින් බාරගන්නවා. මම හිතන්නේ කලාකරුවෝ විදිහට අපේ පැවැත්ම තියෙන්නේ රසිකයින් මත. මගේ උපන් දිනය දවසට මට රසිකයින්ගෙන් විශාල සුබපැතුම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ලැබෙන හැම ප්‍රතිචාරයක්ම හරිම ආදරණීයයි මට ඒ ගැන තියෙන සතුට කියාගන්න බැහැ.

උපන්දිනේ දවසට ගෙදර⁣ට තෑගිබෝග එහෙම ලැබෙනවද, දැන් කාලෙ තාක්ෂණය ගොඩක් දියුණුයි. ඒ නිසා ගොඩක් සුබපැතුම් මට එකතු වෙන්නෙ සමාජ ජාලා හරහා. හැබැයි මීට වසර කිහිපයකට කලින් උපන් දිනය දවසට සුබපැතුම්පත් ලියුම් වගේ දේවල් ලැබුණා. එක උපන් දිනයකට මට මතකයි මට ලැබුණා මගේ පින්තූර එකතු කරපු පොතක්. ඒ වගේ ලැබෙන රසික ආදරය ගැන මට ගොඩක් සතුටුයි. මම ඒ හැම දෙයක්ම ගොඩක් අගය කරනවා. මේ හැමදේම මට ලොකු ආශිර්වාදයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *