‘මම පොඩිකාලේ ලේනෙකුයි පූසෙකුයි හැදුවා’ ජනප්‍රිය නලී ශලනි කියන කතාව

සත්තුන්ට ආදරේ කිරිම සත්තු ඇති කිරිම ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේම ඒක හැමෝටම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. හැබැයි ගොඩක් රංගන ශිල්පින් ශිල්පිනියක් සුර⁣තලේට සතුන් ඇති කරනවා. ඉතින් අන්න ඒවගේ සුරතල් සතුන් ඇතිකරන දක්ෂ රංගන ශිල්පිනියක් අද අපේ කතා බහට එකතු වෙනවා. ඇය නමින් ශලනි ප්‍රනාන්දු. නමට වඩා ඇය ප්‍රසිද්ධ දෙවනි ඉනිමේ ”චුටි මැණිකේ” විදිහට.

ඇය කතාව ආරම්භ කලේ වැඩියෙන්ම ඇය කැමති බල්ලන්ට ලෙස පවසමින්, “මම පොදුවේ ගත්තහම හැම සතෙක්ටම කැමතියි. මම පොඩි කාලේ පුසෝ, ලේන්නු, ගිරව්, හාවෝ වගේ ගොඩක් සත්තු හැදුවා. ඒත් දැන්නම් මම ආසම බල්ලන්ට. එයාලා ආදරයෙන් ගේ ඇතුගේ වුනත් හදන්න පුළුවන්. මේ වෙද්දි මට බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. රොට වයලට් දෙන්නයි English රිට්රිචර් කෙනෙක් ඉන්නවා.”

රංගනය සමඟ කොහොමද සතුන් බලාගන්නේ, “මමයි අම්මායි කොච්චර රෑ වෙලා ආවත් අපි පැය භාගයක් විතර මෙයාලාව හුරතල් කරනවා. මම කොච්චර මහන්සි වුනත් මට මෙයාලා එක්ක ඉද්දි ඒ මහන්සි නැති වෙලා යනවා. ඉතින් ඒ නිසාම මම කොච්චර කාර්යබහුල ⁣වුනත් මෙයාලා එක්ක ඉන්න කාලය වෙන් කරනවා.”

සත්තු බලාගන්න ශලිනිට ලැබෙන උදව් කොහොමද පවුලෙන්, “මගේ ගෙදර අය ඇත්තටම සත්තුන්ට ගොඩක් ආදරෙයි. මගේ අම්මාත් පොඩි කාලේ ඉදන් සත්තුන්ට ආදරේ කරනවා. මගේ අයියාත් එහෙමයි. මට අම්මා කවදාවත් කියලා නෑ සත්තු හදන්න එපා කියලා. ඉතින් ඒ සහයෝගය එක්ක හැමෝගෙම උදව් එක්ක මම මෙයාලාව ආදරෙන් හදාගන්නවා.”

විවාහ වෙන කෙනා සත්තුන්ට අකමැති වුනොත් ශලිනි මොකද කරන්නේ, “මම ඇත්තටම දවසක හොයගන්නේ මම වගේම සතුන්ට ආද⁣රේ කරනකෙනෙක්. එයා සතුන්ට අකමැති වුනත් එයාට සතුන්ට කැමති වෙන්න සිද්ධ වෙනවා. මම විවාහ වෙලා ගියත් අනිවාර්යයෙන් බල්ලෝ 3-4 හදනවාමයි. මොකද මේ අය ගෙනියන්න අම්මා අවසර දෙන්නේ නෑනේ ඒකයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *