Sat. Jun 25th, 2022

කළා ලෝකයේ ඉන්න කඩවසම්ම රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ, ඒ වගේම ලංකාවේ තරුණියන් රැසකගේ සිහින කුමාරයා වෙන්නෙත් සාරංග, කොහොම උනත් මේවනවිට සාරංග විවාහකයි, ඔහු විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය නිළියක වන දිනක්ෂි ප්‍රියසාද් සමග, ඉතින් අද අපේ කතාබහට එකතුවෙන්නේ සාරංග දිසාසේකර, සාරංග ඔබ දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඉතින් අපිට කියන්න ඔබ කොහොමද කලාවට පිවිසෙන්නේ ”මම පලවෙනි වතාවට කලාවට පිවිසිලා කැමරාවක් ඉදිරියට එන්නේ අවුරුදු 10දී, ඒ වෙළඳ දැන්වීමකටම ඊට අවුරුද්දකට පස්සේ මට ෆිල්ම් එකක රඟපාන්න අවස්තාවක් ලැබුනා, පස්සේ ගුවන්විදුලි වැඩසටහන් වලට සම්බන්ද වුනා, ඉතින් ඒ විදියට තමයි කලාවට සම්බන්ද වුනේ,”

සාරංගට මුලින්ම ආදරයක් ඇතිවුනේ මොන කාලේදීද ? ”උසස්පෙළ කාලෙදී කාන්තා පාසලක ඉගන ගත්ත කෙල්ලෙක්ට තමයි මගේ හිතගියේ, හැබැයි ඒ ආදරේ කියන්න වුනේ නෑ, හිතේම තියාගෙන හිටියා”

සාරංග ඔයාට ඔයාගේ හිතට දැනෙන කාන්තාවක සුන්දරත්වය දුටුවේ කාගෙන්ද? ”මම පුංචි කාලෙන් ඉඳලම හරිම ආස සුන්දර රූපයක් තිබ්බේ රෝසි සේනානායක මහත්මියට, ඊට අමතරම මම අනෝජා වීරසිංග මහත්මියගේ දියණිය දිල්කි වීරසිංහගේ ඒ රූපයත් පුංචි කාලේ ඉඳලම මගේ හිතේ ඇඳිලා තිබ්බා, දැන්නම් මගේ හිතේ තියෙන්නේ මගේ ආදරණීය බිරිඳගේ රූපය විතරයි මොකද මගේ ආදරේ සේරම තියෙන්නේ ඇය ළඟ”

ඔබ නිළියකගේ ලස්සන දකින්නේ කොහොමද ”මුලින්ම තියෙන්න ඕන ප්‍රියමනාප බව, මතුපිට සුන්දරත්වයෙන් කෙනෙක් මනින්න අමාරුයි, ගතිගුණ හැසිරීම වගේ දීවලුත් බලපානවා, මම විශ්වාස කරන දෙයක් තමයි මේ ලෝකේ කැතයි කියලා කොටසක් ඉන්නවා කියලා මම හිතන්නේ නෑ, ඉතින් ඒ නිසා මම ලස්සනයි කියලා පිරිසක් මට නෑ, මට හැමෝම ලස්සනයි, මොකද ලස්සන කියන්නේ සාපේක්ෂයි”