Tue. May 17th, 2022

අපි හැමෝම ගොඩක් ආදරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ. නිතරම විනෝදයෙන් ඉන්න නිසා වගේම ඇයගේ ලගන්නාසුළු කතා විලාශය නිසා යුරේනි හැමෝම අතර ගොඩක්ම ජනප්‍රියයි. ඉතින් අපි දැන් කතාකරන්නේ යුරේනි සමග. යුරේනි කොහොමද මේ දවස්වල මොකද කරන්නේ ”මේ දවස්වල නම් ෆිල්ම් එකක ෂූටින් වලට රෙඩි වෙනවා, ඒක ලංකාවේ කරන පලවෙනි ෆැෂන් ෆිල්ම් එක මට එකට ආරාධනා කරපු එකගන සතුටුයි, මොකද මම නිතරම ෆැෂන් එක්ක ඉන්න කෙනෙක් නේ”

සමාජ ජාලාවල නිතරම ඔබ පිලිබඳ විවිද කතා පැතිරෙනවා යුරේනි බුකිය කළඹයි කියලා ඇයි එහෙම නිතරම බුකිය කළඹන්නේ ”අමෙ මන් දන්නේ නෑ අපේ මිනිස්සු කවදා මේ දුපත් මානසිකත්වයෙන් මිදේවිද දන්නේ නෑ. ලෝකේ දැන් දියුණු තාක්ෂණයක්, ෆිල්ම් බලන්න පවා වෙනම ටෙක්නොලජි ඇවිත් එහෙම තත්වයක තිබිලත් මිනිස්සු බලන්නේ මම බුකිය කළඹන එක ඇයි මේ මිනිස්සු මෙහෙම කියලා තේරෙන්නේ නෑ”

ඔබ විවාහය ගැන හිතන්නේ නැද්ද ”හිතනවා මමත් විවාහය පිලිබඳ හීන දකින කෙනෙක්. ඒවගේම විවාහය පිලිබඳ ගොඩක් විශවාස කරන කෙනෙක්. මම දකින්නේ විවාහය කියන දේ දික්කසාදයකින් කෙලවට වෙන්න ඕන නෑ. ඒ නිසා හරි කෙනෙක් මගේ හිතට දැනෙන කෙනෙක් ඒ වගේම මගේ ගමනට බාදා කරන්නේ නැතිකෙනෙක් මම එයා ගැන හිතනවා. එහෙම නැතිව මාව කූඩු කරන්න ඒ විවාහය අසාර්ථක වේවි, අනික පිරිමියෙකුගෙන් කාලා බීලා ඇඳලා ඉන්න මම කැමති නෑ. ඉතින් ඒ දේවල් තේරුම් අරන් ඉන්න කෙනෙක් ලැබුනොත් මම විවාහ වෙනවා. ස්වාමියාගෙන් ලැබිය යුතු මූලික යුතුකම් ටික හැර එයාගෙන් මුළු ලෝකයක් බලාපොරොත්තු වන කෙනෙක් නෙවෙයි මම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *