Sat. Jun 25th, 2022

නිරූපිකාව වගේම නර්තන ශිල්පිනියක් ලෙස කටයුතු කළ නිලුෂි මේ වනවිට රංගන ශිල්පිනියක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. නිලුෂි වැඩිපුරම ජනප්‍රිය වුනේ හිරු නාළිකාවේ විකාශය වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේහි ‘වින්ඩි’ ලෙසින්. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ නිලූශි සමග, නිලූශි මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල දිවිතුරා නාට්‍යයේ රූපගත කිරීම් තියෙනවා ඒවාට සම්බන්ද වෙනවා. අලුතෙන් පටන්ගන්න තියෙන නිර්මාණ දෙකකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මම රඟපාපු තව නාට්‍යක් එන්න තියෙනවා, ඕවා තමා වැඩ වෙන කියන්න තරම් විශේෂ දෙයක් නෑ,”

නිලූශි ආදරේ ගැන මොකද හිතෙන්නේ ”ආදරේ කියන්නේ හැමෝටම ඕන දෙයක්. මම දකින විදියට හැබැයි මම දකින විදියට තමන්ට පුළුවන් විදියට ජිවත් වෙන එක තව කෙනෙක්ට නිදහස් කියලා. මොකද බැඳීමක් කියන්නේ තව වගකීමක්, විවාහ වෙන්න ඕන, මම හිතන්නේ නෑ මට විවාහ වෙන්න සුදුසු කාලය මේක නෙවෙයි කියලා. මොකද හැමතිස්සෙම හිතන්නේ මම මාව ගොඩ නඟා ගන්න ඕනේ කියලා. මට තවකෙනෙක් මත යැපෙන්න අදහසක් නෑ, සරලවම කියනවනම් මම පිරිමියෙක්ගෙන් කාලා ඇඳලා ඉන්න කැමති ගැහැනියක් නෙවෙයි”

නිලූශි කලාවට සම්බන්ද වීම පිලිබඳ මොකද හිතෙන්නේ ”ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතුටුයි, කලාව නිසා තමයි මම මේ තරම් ප්‍රේක්ෂක ආදරේ ලබන්නේ. කොහේ ගියත් මිනිස්සු මාව වටකරගෙන කතා කරනවා, මම නර්තනය පැත්තෙන්, නිරූපණයෙන් ඉදිරියට යන්න ආස වුණත් හීනෙකින්වත් හිතුවේ නෑ රංගන පැත්තෙන් ඉදිරියට යන්න, නමුත් මගේ දෛවය අද මාව මෙතනට ගෙනත් තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම සතුටුයි”