‘මම ප්‍රශ්න දණහිසෙන් උඩට ගන්න ගෑනියෙක් නෙවෙයි’ ජනප්‍රිය නිලි පබෝදා කියන කතාව

අවුරුදු හතරේදී සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ ඇය සිය මවත් සමඟ. අම්මගේ දෑතේ එල්ලී රංගනයට පිවිසෙන ඇය මේ වන විට ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි. ජීවිතයේ ප්‍රශ්න වලින් ජීවිතේට අලුත් දේවල් ඉගෙන ගනිමින් ජීවිතයට මුහුණ දෙන ඇය නමින් පබෝධා සංදීපනී. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි.

ගින්දරී 03 ගැන කතා කළොත්, “ගින්දරී තුන ළඟදීම තිරගත වෙනවා.මේ කතාව ගෙතෙන්නේ ගින්දරී ගේ දරුවා සමගයි.ඒ නිසාම අපි විශ්වාස කරනවා මේක පොඩි අය අතරේ ගොඩක් ජනප්‍රිය චිත්‍රපටයක් වෙයි කියලා .කොහොම වුණත් ගින්දරි 1 ගින්දරී එක ගින්දරි2 ගොඩක් අය ආදරෙන් වැළඳ ගත්ත චිත්‍රපට වුණා.”

ඇත්තටම පබෝදා කියන්නේ කවුද ”පබෝධා කියන්නේ මානසිකව වැටෙන කෙනෙක්ට. මම ප්‍රශ්න කවදාවත් ඔළුවට ගත්ත කෙනෙක් නෙවෙයි. හරියට දනිසෙන් උඩට මම ප්‍රශ්න ගන්නේ නැහැ. මොකද මම ගොඩක් සැහැල්ලූවෙන් ජීවත් වෙන්නේ. හැමදේටම වඩා මට මගෙන් මානසික සැනසීම වටිනවා. ප්‍රශ්න කියන්නේ විසඳ ගන්න පුළුවන් දේවල්. ප්‍රශ්න නිසා මනසින් වැටෙන්න තරම් මම දුර්වල චරිතයක් නෙවෙයි. අනික මම මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඒ නිසාම ප්‍රශ්න කියන දේවල් එක්ක මම මගේ ජීවිතේ ඉදිරියට යනවා. කිසිම වෙලාවක ප්‍රශ්න නිසා මම මගේ ගමන නතර කර ගන්නේ නැහැ.”

පුතා ගැන කතා කළොත්, “මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව මගේ පුතා. මට ඕනේ එයා රටට හොඳ පුරවැසියෙක් කරන්න. එයාට හොඳට උගන්වන්න ඕනේ. මම මේ තරම් මහන්සි වෙන්නේ එයා නිසා. ඇත්තෙන්ම කිව්වොත් කොරෝනා කාලයේ මම ගොඩක්ම බය වුණේ පුතා ගැන. ඒ බය අදටත් වෙනසක් නැතුව තියෙනවා. කොරෝනාවට තිබුන බයත් එක්ක මම හිතුවා මගේම ව්‍යාපාරයක් පටන් ගන්න පුතා නිසා. මොකද අපි දවස් පඩි කාරයෝ.”

දරුවාගේ වැඩ රංගන කටයුතු හැමදේම ඔබ සමබරව ගෙන යන්නේ කොහොමද, දරුවාගේ වැඩ වලට එයාගේ තාත්තගේ එයාට උදව් ලැබෙනවා. ඉතින් ඒ නිසා මට ලොකු කරදරයක් නැහැ. අනික අම්මත් ඉන්නවා එයාව බලාගන්න. ඒ නිසාම මගේ වැඩ එක්ක මම ගොඩක් වෙහෙස කාරී ජීවිතයක් ගෙවන්නේ නැහැ. මගේ පෙනුම වුණත් එදා විදිහටම තියාගන්න හේතුව මම මම ගැන හිතන්න වුණත් කාලයක් මෙන් කරන නිසා. මම බදාගෙන වැඩ කරන්න කැමති නැහැ. හැමදේම සමබරව ගෙන යන්න තමයි කැමති.”

ඔබ හඬකැවීම් හඬ කැවීම් ශිල්පිනියක්ද වෙනවා නේද? ”ඔව් මම ප්‍රධාන චරිත ගොඩකට හඬ කැවීමෙන් දායක වුණා.ලඟදිනම් ආරාධනා ලැබුණේ නැහැ. මම කොහොමත් හඬ කැවීමට ද ආසයි. ඒ නිසාම චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *