Sat. May 21st, 2022

මේ දිනවල කවුරුත් අතර ජනප්‍රිය චරිතයක් තමා මිෂෙල් දිල්හාරා කියන්නේ. පොදු 2 ටෙලි නාට්‍ය ඔස්සේ ජනතාවගේ ආදරය දිනා ගන්න ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඉතින් මේ වෙනස නිසාම අපි හිතුවා මිෂෙල් එක කතා කරන්න. මිෂෙල් කියන්නේ ලැබෙන හැම නිර්මාණයකටම සහභාගි වෙන කෙනෙක් නෙවෙයි. මිෂෙල් තෝරාබේරාගෙන නේද ජිවිතේ නිර්මාණ වලට සම්බන්ධ වෙන්නේ, ඇත්තටම ඔව් මම ලැබෙන හැම නිර්මාණයකටම සහභාගි වෙන කෙනෙක් නෙවෙයි. මම නිර්මාණයක් තෝරා බේරාගෙන තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. මියුසික් විඩි⁣යෝ වලට වුණත් මම තෝරා බේරාගෙන තමයි එකතු වෙන්නේ. මේ දවස් වල මම සහභාගීවන පස්වෙනි මියුසික් එක එළියට එනවා. මම ගොඩක් කැමති සමාජයට දෙයක් දෙන්න පුළුවන් නිර්මාණවලට සහභාගි වෙන්න.

මිෂෙල් කලාවට ඇවිත් කොච්චර කල් වෙනවද, මම කලාවට එකතු වෙලා අවුරුදු පහක් විතර වෙනවා. මේ වෙද්දි ටෙලි නාට්‍යය දාහතක වගේ රඟපාලා තියෙනවා. කොහොමත් මම කැමතියි සාම්ප්‍රදායික පෙම්වතියගේ චරිත මිදිලා විවිධ චරිත රඟපාන්න. මම කැමතියි කවුරුත් කතා වෙන වෙනස්ම නිළියක් වෙන්න. මිෂෙල් දිල්හාරා කලාවට ඇවිත් කොච්චර කල්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මිෂෙල් දිල්හාරා කියන්නේ වෙනස්ම කෙනෙක් කියලා ඇහෙනවටයි මම කැමතියි. දක්ෂ නිළියක් වෙන්න අභියෝගවලට මුහුණ දෙන්න ම සිද්ධ වෙන නිසා මම කැමතියි අභියෝග ජය ගන්න කලාව ඇතුළේ ජීවත් වෙන සාර්ථක නිළියක් වෙන්න.

පොදු ටෙලිනාට්‍ය දුෂිගේ චරිතය ඔස්සේ ඔබ මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන චරිතයක් වෙලා. ඉතින් මේ චරිතය භාරගත්තේ ඇයි, තිර පිටපත කියවද්දි මට හිතුන මේක අභියෝගාත්මක චරිතයක් කියලා. මොකද මේ දුශි කියන චරිතය ආකාර හතරකින් මට රඟපාන්න සිද්ධ වෙනවා. අනික මේ චරිතයට වෙනස්ම චරිතයක්. මම රඟපාපු චරිත වලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. කොහොමත් මම තිර පිටපත කියවලා මට ගැළපෙනවා නම් විතරයි මම එකට සම්බන්ධ වෙන්නේ.

ඔබ චරිතාංග නිළියක් නේද ,කොහොමත් මම වෙනස් චරිත රඟපාන කෙනෙක්. මම කැමැතියි රසිකයෝ මාව විවිධාකාර විදිහට දකිනවාට. මම තව අන්ධ බිහිරි චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා. මේ කිසිම චරිතයක් මගේ සැබෑ ජීවිතයට සම්බන්ධ නැහැ. හැබැයි මම මේ චරිත වලට ආදරේ කරනවා.

මිෂෙල් කියන්නේ වෙනස්ම විදිහට විදියට හිතන කෙනෙක්, ඒකට හේතුව පරිසර සංවිධානයක ක්‍රියාකාරි තානාතිපතිවරියක් වීමද, මම පරිසර සංවිධා නායක ක්‍රියාකාරී තානාතිපතිවරියක්. හැබැයි එකට කලාව සම්බන්ධ නැහැ. මම කලාවයි මගේ රාජකාරි ජීවිතයයි පටලවාගන්න කෙනෙක් නෙමෙයි. මම රඟපාන්නේ මගේ හිත එකඟ චරිත විතරයි. ඒකට මගේ වෘත්තිමය ජීවිතය අදාල නෑ. මම පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. මේ දවස්වල මම පරිසරයට සම්බන්ධ මගේ දෙවැනි පොත ලියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *