Sat. May 21st, 2022

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඇය ගැන කතා වෙනවා.එක්තරා නාලිකාවක වැඩ සටහනකට ඉදිරිපත් වූ ඇය නිවේදකයා හමුවේ ප්‍රකාශ කරන යම් යම් සටහන් නිසා ඇය ගැන බොහෝ දේවල් හොයන්න පටන් ගන්නවා. නමින් ඇය දිනිති වල්ගමගේ. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. ස්වර්ණවාහිනියේ විකාශය වුනු හාර කෝටිය ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි ඇය සිල්ලර සමනල්ලු කෝටිපතියෝ වගේ ටෙලි ටෙලිනාට්‍ය තුළ දකින්න ලැබුනා.

ඔබ හිතනවද ඔබ ජනප්‍රිය චරිතයක් කියලා, මට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මම මුලින්ම කෝටිපතියෝ ටෙලිනාට්‍ය රඟපාද්දී ඒකේ අභිෂේකා කියන චරිතයට පවා හොද ප්‍රතිචාර ලැබුනා. ඉතින් මම හිතනවා මම ගොඩක් අය දන්න අදුනන චරිතයක් කියලා. මගේ ගමන් මඟ ආරම්භ වෙන්නේ හාර කෝටිය කියන ටෙලි නාට්‍යයෙන්. එදා රංගනයට පිවිසුන මම අද බොහෝ දුරක් ඇවිල්ලා තියෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද, ඇත්තම කියනවනම් මම මගේ බලාපොරොත්තු හැම එකක්ම මේ වෙද්දි සැබෑ කරගෙන ඉවරයි. මම මගේ දෙමව්පියන්ගේ පවා බලාපොරොත්තු ඉෂ්ට කරපු කෙනෙක්. මම කලාවට පය තියලා මාස පහෙන් රයිගම් සම්මාන උලෙළට නිර්දේශ වුණා. මට අමුතුවෙන් ලගා කරගන්න ඕන කියලා බලාපොරොත්තු නෑ. කවුරු මොනවා කිවුවත් මම මගේ ටාගට් කම්ප්ලීට් කළා, මට කතා කියන අය තාම එක තැන.

ඔබ වෘත්තිමය වෘත්තීයමය රංගන ශිල්පිනියක් නෙවෙයි නේද, මම ශ්‍රී ලංකා එයාලයින් ගුවන් සේවයේ සේවය කරනවා. ඒ ගුවන් සේවිකාවක් විදිහට. මම මගේ තනි කැමැත්තට තමයි ගුවන සේවිකාවක් වුනේ. එයාලා කවුරුත් මේ සේවයට මම එනවට කැමති වුණේ නැහැ.

පාසල් යන කාලේ ඔබ වේදිකා රංගන ශිල්පිනියක්ද, ගාල්ල කලාපයේ පැවති වේදිකා නාට්‍ය කිහිපයකම මම රඟපෑවා. මම ශේක්ෂ්පියර් කියන වේදිකා නාට්‍යයේ රඟපෑවා. ඒ වගේම මට ඒ කාලේ සම්මාන කිහිපයකුත් ලැබුණා. සමස්ත ලංකා තරග වලිනුත් මම ජයග්‍රහණය කරලා තියෙනවා.

ඔබ නිර්මාණ කරන්නේ තෝරා බේරාගෙනද, මම මට වෙනස් කියලා හිතන නිර්මාණ විතරයි බාර ගන්නේ. මට වැඩ තියෙනවා නේ. සමහර වෙලාවට භාරගත්ත වැඩ පවා වෙනස් කරන්න සිද්ධ වෙනවා. මම හිතනවා මම සාර්ථකයි කියලා.

පහුගිය දිනෙක දිනිති එකතු වැඩ සටහනක ඇය පිලිතුරු දෙන ආකාරය නිසාම නිවේදකයා අහනවා මම ප්‍රශ්න අහන එක වදයක්ද කියලා. එහිදි ඇය පිලිතුරු දුන්නේ ඒ මගේ හැටි, මම ටිකක් පණ්ඩිතයි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *