Fri. Jan 28th, 2022

දිලිනි ලක්මාලි කියන්නේ සුන්දර රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ අහිංසක රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. දිලිනි ඔබට හිමි වුන මේ රංගන ජිවිතය ගැන තෘප්තිමත් වෙනවද? “අනිවාර්යෙන් ඔව්. මේ තැනට එන්න ලෝකයේ ගොඩක් අය මහන්සි වෙනවා. රටක ජනප්‍රිය චරිතයක් වෙන්න කවුද අකමැති. ඉතින් ඒ වගේ සතුටක් ලැබිම ගන ඇත්තටම මම සතුටු වෙනවා. අනික ලංකාවේ හැකියාවන් තියන අය අතරේ මගේ නමත් තියෙනවා කියලා දැනෙද්දි මට හරිම සතුටුයි.ඒ වගේම නිහතමානි ආඩම්බරයක් දැනෙනවා.”

ඔබේ ගමන ආරම්භ වුනේ කොහොමද ? ”අවුරුදු කුමරිය වුන තැනින් මගේ ගමන ආරම්භ වුනත් ඒ ආව ගමන ලේසි පහසු ගමනක් නෙවෙයි. මම අවුරුදු ගානක් දුෂ්කරතා එක්ක තමා මේ ගමන එන්නේ. හැබැයි මම කිසිම වෙලාවක ජිවිතේ මගේ ගමන නතර කලේ නෑ”

ජිවිතේට කෙනෙක් හොයගන්න අදහසක නැද්ද? “ආදරය කියන දේ අපි කාට වුනත් ඕනි.කසාදය කියන දේ අපිට හෙට වුනත් කරගන්න පුළුවන්. හැබැයි අපේ අදහස් වලට ගැළපෙන ජිවිත කාලේම එකට ජිවත් වෙන කෙනෙත් හොයාගන්න ලේසි නෑ. අනික හොද අවබෝධයකින් තමා විවාහ වෙන්න ඕනි. මම විවාහ නොවුනා කියලා මට ගෙදරින් කිසිම බලපෑමක් කවදාවත් ඇති වෙලා නෑ.”

දිලිනි හොයන්නේ කොයි වගේ කෙනෙක්ද? “අපි ජිවත් වෙන සමාජ රටාව ගොඩක් වෙනස්. ම⁣ගේ ජිවිතේභාගයක් ගෙවලා ඉවරයි මම. ඉතුරු ටික ගෙවන්න තමා කෙනෙක් හොයන්නෙ. හැබැයි මම මාව නිති දාලා නතර කරන කෙනෙක් හොයන්නේ නෑ. මම මගේ නිදහස නැති කරගන්න කැමති නෑ ජිවිතේ ඉතුරු කාලය තුළ. ඉතින් සතුටින් මේ ගමන යන්න පුළුවන් කෙනෙක් තමා මම ඇත්තටම හොයන්නේ”

කලාකරුවන් බොහෝ දෙනෙක් ඉන්න තැන්වල ඇයි දිලිනි අඩුවෙන් ඉන්නේ, “ඒ මගේ ලොකුකම නිසා නෙවෙයි. මම ඒ දේවල් වලට අකමැති නිසා. මාව ආශ්‍රය කරන අය දන්නවා මම කවුද කියලා. මම රසිකයන් එක්ක ඕනිම වෙලාවක කතා කරනවා. එයාලා එක්ක සාමුහික වැඩ කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *