Tue. May 17th, 2022

දවසින් දවස පුංචි තිරයට අලුත් හැඩ කාරියන් එනවා. එහෙම ආව දක්ෂ හැඩකාරය ගැන කතා කරන්නයි මේ සූදානම. ඇය කලාවට නම් ආධුනික නැහැ. නමින් ස්වප්නා පාදුක්ක. ඇත්තටම ඔබ කලාව වගේ ක්ෂේත්‍රයක් තෝරාගන්න හේතුවක් තියෙනවද, පුංචි කාලේ ඉඳන්ම රඟපානවා කියන දේට මම ආසයි. ටෙලි නාට්‍ය චිත්‍රපටය බලනකොට මට හිතිලා තියෙනවා කවදාහරි දවසක මට රඟපාන්න තියෙනවා නම් කියලා. නිළියක් වෙනවා කියන එක මගේ පුංචි කාලේ ඉදන් තිබුණ හීනයක් කිව්වොත් හරි.

ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද, මම තිර පරීක්ෂණ වලට සම්බන්ධ වුණත් මුලින්ම මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අලුත් අය හොයනවා කියලා මම තිර පරීක්ෂණ වලට සම්බන්ධ වුන වාර තිබුණා. හැබැයි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔය අතරේ මගේ යාළුවෙකලුවෙක් හරහා මට පපරේ කොත්තු වෙළෙඳ දැන්වීමට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බවෙනවා. ඒ වෙද්දි මම 2021 ස්වර්වාහිනි අවුරුදු කුමාරිටද ඉල්ලුම් කරනවා. මම විශ්වාස කළා ඒ මාර්ගයෙන් හරි මට නිළියක් වෙන්න ලැබේවි කියලා. හරියට මම අවුරුදු කුමාරි තරගයෙන් පහළොස් දෙනා අතරට එනවා. එතනින් තමයි මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ. රංගනය කියන දේට මට අවස්ථාව ලැබෙන්නේ මගේ රූපය නිසා කිව්වොත් හරි.

ප්‍රේක්ෂකයින්ගෙන් ලබන ආදරේ කොහොමද, මානවි කියන චරිතය හරහා තමා මම ප්‍රේක්ෂකයින්ගෙන් වැඩිපුර ආදරේ දිනාගන්නේ. ටෙලිනාට්‍යයට ආව මුල් කාලේ ඉඳන් අද වෙනකම් මට වැඩිපුරම හැබැයි ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන්නේ බැනුම්. මොකද මානවී කියන්නේ නපුරු චරිතයක්.

ආදරේ කියන දේ ගැන මොකද හිතන්නේ, ආදරේ කියන දේට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. මම හිතන්නේ ආදරේ කියන දේ රඳා පවතින්නේ විශ්වාසය අනිකාට දක්වන ගෞරවය හා කරුණාව කියන දේවල් මත. මේ හැමදේම නොඅඩුව දෙන කෙනෙක් ඉන්නවා නම් එතන අනිවාර්යෙන්ම ආදරෙයි තියෙනවා. අනික එතන පැවැත්මක් තියෙන ආදරයක් තියෙනවා. එක එක්කෙනා ආදරේ ගැන හිතන විදිය වෙනස්. මම ආදරේ ගැන හිතන්නේ එහෙමයි.

අනාගත බලාපොරොත්තු මොනවාද, දැනට මම විවෘත විශ්වවිද්‍යාලයෙන් මෝස්තර නිරූපණය පිළිබඳ උපාධියක් හදාරමින් ඉන්නවා. මගේ ලොකුම බලාපොරොත්තුව ව්‍යාපාරයක් ආරම්භ කරන්න. රඟපෑම කරන අතරේ වෘත්තීමය වශයෙන් ව්‍යාපාරයක් කරගෙන යන්න කැමතියි. ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න මම ගොඩක් කැමැතියි. ඒ නිසාම රංගනය අතාරින්නත් මම කැමති නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *