දෙවංගි නවෝද්‍යා වික්‍රමසිංහ කියන්නේ ප්රවිණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහගේ සහ දිල්හානි මහත්මියගේ දියණිය. දෙවංගි ගැන කතා බහ වැඩිවුයේ අම්බබානිගේ විවාහ මංගල්‍යයට ඇයත් සහභාගි විම නිසා. චන්දන මහතාට ලැබුන ආරාධනයට ඔහු සිය නර්ථන කණ්ඩායම මෙම විවාහ මංගල්‍ය සඳහා යොමු කලා. ඉතින් ඒ නිසාම අපි හිතුවා අද ඇය ගැන කතා කරන්න. ඕස්ට්‍රේලියාවේ සරසවියක අධ්‍යාපනය ලබන ඇය තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලයේ ආරක්ෂිත පද්ධති සම්බන්ධ උපාධියක් හදාරමින් සිටියි. දෙවංගි නර්ථනය පටන් ගත්තේ තාත්තා නිසාද? “ඇත්තටම මම පාසලේදි විතරයි නර්ථනය කලේ. මාව නර්ථනයට යොමු කලේ පාසලේ ගයනි මිස්.”
ඔබ ලෝකයේ ප්‍රකට ව්‍යාපාරිකයාගේ දියණියගේ විවාහ මංගල්‍යට සම්බන්ධ වෙන්නේ කොහොමද ? “මුලින්ම තාත්තා මට ලොකු විස්තරයක් නොකියා මේ ගැන කිවා. හැබැයි තියෙන තැනවත් කිවේ නෑ. පස්සේ මම ඒක ඉන්ස්ට්‍රග්‍රෑම් වලින් දැනගත්තා. ඒ ගැන ඊට පස්සේ මම තාත්තාගෙන් ඇහුවා. හැබැයි තාත්තා කිවා මේ ගැන කාටවත් කියන්න යන්න එපා කියලා. ඉතින් අපි ලෝකේට පේන්න ඒ කාරණය ප්‍රසිද්ධ කලේ නෑ. තාත්තා මම පොඩි කාලේදි මේ වගේම නර්ථනයකට සම්බන්ධ වුනා. ඉතින් ඒ නිසාම තාත්තාට මේ අවස්ථාව ලැබෙන්න ඇති.”
දෙවංගි ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ නර්ථන අංගය ගැන කතා කලොත්, “සෙංකඩගල නමින් මාතෘකා වු අංගයක් තමා අපි ඉදිරිපත් කලේ. ඊට පස්සේ බොලිවුඩ් ගීත කිහිපයකට නර්ථනය ඉදිරිපත් කළා. අවසාන වශයෙන් ගීත කිහිපයක් එකතු කරලා එ කියන්නේ රම්බරි, රාගතාල, සුරංගිට මාළු ගෙනාවා වගේ ගීත වලට නර්ථනයක් ඉදිරිපත් කළා. දිය කිදුරියෝ සහ මුහුදු අශ්වයා කියලා තාත්තා නිර්මාණය කරපු නර්ථනයක්ද අපි ඉදිරිපත් කළා.”

ඔබට මේ අවස්ථාව ගැන දැනෙන්නේ මොන වගේ හැගිමක්ද? “ඒ ගැනි තියෙන්නේ ලොකු සතුටක්. මොකද ලෝක ධනවතෙකුගේ විවාහ මංගල්‍යයකට සම්බන්ධ වෙන්න පුළුවන් වුනාට. මේ හැමදේම තාත්තා නිසා කියලා දැනෙද්දි ඇත්තටම මට එයා ගැන ආඩම්බරයි.”