Tue. May 17th, 2022

ප්‍රසංග වේදිකාවේ ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක්. එමෙන්ම ඇය රංගන ශිල්පිනියක්. ඇය ටෙලි නාට්‍යය 38 ක පමණ රඟපා තිබුනත් ඇයට ප්‍රධාන චරිතය හිමිවූයේ 33 කාමරය ටෙලිනාට්‍යයට පමණයි. ඇය නමින් වර්ෂා අමායා. මේ සුදානම ඇය ගැන කතා කරන්න. ඔබ දිගින් දිගටම කලාවේ වැඩ කලත් ඔබ ජනප්‍රිය වුණේ 33 කාමරය කෙනා ටෙලි නාට්‍ය තුළින්. එයට හේතුවක් තියෙනව ද, මම මේ ක්ෂේත්‍රයට ආවේ ටෙලි නාට්‍යවල රඟපාලා. මම ටෙලිනාට්‍ය 38 වගේ රඟපාලා තියෙනවා. ඒ හැම චරිතයක්ම දෙබස් කියන චරිත. චිත්‍රපටි වලත් මම රඟපාලා තියෙනවා. ඒවා පොඩි චරිත වුනොත් මම හොඳට රඟ පෑවා. මම 33 කාමරේ ඉන්තාම රිය ඉන්න ටෙලි නාට්‍යයයේ කථාංගයට නම් එක වගේ රඟපාලා තියෙනවා. කොහොමත් මේ ක්ෂේත්‍රය තුළ කැපිලි වැඩියි. අනික අයුතු යෝජනාවලට මම කොහොමත් කැමති නැති නිසාත් මට සමහර අවස්ථා මඟ හැරෙන්න ඇති.

ක්ෂේත්‍රයයේ විවාහ යෝජනා වෙලා තියෙනවද, අපොයි ඔව යෝජන ඇවිල්ලා තියෙනවා හැබැයි මම කැමැති වෙලා නැහැ. හැබැයි දැන් මට හිතෙනවා පිටින් අයට වඩා කලා ක්ෂේත්‍රයෙන් අය හොඳයි කියලා. මුලින් මම එයාල ගැන වැරදියට හිතාගෙන හිටියේ. හැබැයි වැඩිපුරම ආදරණීය පුද්ගලයෝ ඉන්නේ කලා ක්ෂේත්‍රය කියලා දැන් මට හිතෙනවා.

ඔබට 33 කාමරය ටෙලි නකින් ටෙලි නාට්‍යය නිසා ගොඩක් කැපිලි ආවා නේද, ඒ නාට්‍යය ගොඩක් රඟපෑ අය ඒ ගැන මට කිව්වා. සමහරු සමහර අධ්‍යක්ෂකවරුන්ට කියලා තියෙනවා මාව ගන්න එපා කියලා. ඒ 33 කාමරය ටෙලි නාට්‍යය නිසා. සමහර මිනිසුන්ගේ මානසිකත්වය ගැන මට හිතාගන්න බැහැ. අපේ ජනප්‍රිය කලාකරුවෝ වුණත් ලිංගික දර්ශන නිරුවත් චරිත කරලා තියෙනවා. අපි කාගෙවත් මුහුණ ඉබින්න ගියේ නැහැ. මේ මිනිසුන් මේක තේරුම් ගන්නේ නැහැ. සමහර චැනල් වල අධ්‍යක්ෂවරු මගෙන් අහන අයියෝ ඔය වගේ දේකට ගියෙ කියලා. මම ඒ අයට සමහර වෙලාවට ඒ දේවල් තේරුම් කරලා දෙනවා. ඇත්තටම සමහරු දකින දෘෂ්ටිකෝණ වෙනස්. අපිට කාගෙවත් මනස හදන්න බැහැ.

ඔබ සාමාන්‍යයෙන් නයිට් ක්ලබ් වලට යන කෙනෙක් ද, ඇත්තටම මම ආසයි නයිට් ක්ලබ් වලට යන්න. ඒත් මගේ ජීවිතේ මට යන්න ලැබිලා තියෙන තවම තුන් පාරයි. අපි ඩාන්සින් ටීම් වල ළමයි එකතු වෙලා නයිට් ක්ලබ් ගිහින් විනෝද වෙලා තියෙනවා. අපි ගියේ අපේ ෆන් එක ගන්න මිසක් වෙන දේවල් වලට නෙවෙයි. අපි විනෝදයට ඒ වගේ දෙයක් කලා කියලා මම ඒකේ වරදක් දකින්නෙ නැහැ.

ඔබට කලා ක්ෂේත්‍රයේ අයගෙන් ඉල්ලන්න තියෙන ඉල්ලීම මොකක්ද, මට කියන්න තියෙන්නේ එක දෙයයි ඒ අපි වගේ අයට කැපිලි කෙටිලි දාන්න එපා. අපි වගේ අයගෙන් වැඩ ගන්න. අපි ඕනෑම අභියෝගයක් බාර ගන්න ඕනම අභියෝගයක් භාරගන්න සූදානම්. අපි කැත වැඩ කරල මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට කියන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ කතා හදලා අපේ මානසිකත්වය වට්ටන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *