‘මම දැන් සේරම දෙවියන් වහන්සේට කැප කරලා ඉන්නේ’ නෙලු අධිකාරි කියන කතාව

නෙලු අධිකාරි කියන්නේ සංගිත ලෝකයේ නොදන්න කෙනෙක් නැති තරම්. එහෙත් වර්තමානයේ ඇය ගැන බොහෝ සෙයින් කතාවට ලක්වුයේ ඇය බුද්ධාගම අතහැර කතෝලික ආගමට යොමු විමත් සමඟ. ඇය ඒ ගැන පවසා සිටියේ “මම මගේ ආගම සහ කලාජිවිතය අතහරිනවා. මම ක⁣තෝලික ආගමට එනවා. දේවදාසයන් මට කලින්ම අනාවැකි කිවා මම කතෝලික ආගමට එනවා කියලා. මම මගේ සියළු දේ දෙවියන් වහන්සේට කැප කරනවා. මම මගේ දරුවන් පවා දෙවියන් වහන්සේට කැප කරනවා.”යනුවෙන්.

අද අපි නිලු අධිකාරි සමඟ කතා කරන්න සුදානම් වෙන්නේ ලස්සන ගැන. ඔබ හිතන විදිහට කාන්තාවකට ලස්සන කියන දේ වැදගත්ද? “ඔව් අනිවාර්යයෙන් කාන්තාව කියන කෙනා ලස්සන වෙන්න ඕනි. පෙනුම ⁣විතරක් නෙවෙයි කාන්තාවක් පිරිසිදු පිලිවෙල කියන දේත් තියෙන්න ඕනි. අනික විවාහ වෙලා දරුවන් ඉද්දි වුනත් ගැහැනිය කෙනා ලස්සනට ඉන්න ඕන. එයාට වටිනාකමක් දෙන්න ඕන. අපි ලස්සනට ඉන්න අනිවාර්යයෙන් සතුටින් ඉන්නම ඕනි”

යම් කේෂ්ත්‍රයකට ඉදිරියට යන්න ලස්සන කියන දේ බලපානවද? “අනේ නෑ. අනිවාර්යයෙන් කේෂ්ත්‍රයක ඉදිරියට යන්න ඔිනි දක්ෂතාවය, කැපවිම, උනන්දුව කියන දේ. රූපයෙන් ලස්සන වුනා කියලා ඉදිරියට යනවනම් ඒ පැවැත්ම තාවකාලිකයි.⁣ මොකද ඒ දේවල් තුල හැකියාවක් නෑ. දක්ෂතාවයක් නැත්නම් ඇත්තටම කේෂ්ත්‍රයේ ඉදිරියට යන්න බෑ “

විලාසිතා ගැන කතා කලොත්, “ඔව් මම විලාසිතා කරනවා. හැබැයි මම විලාසිතා ගැන ගොඩක් සැලකිලිමත් කෙනෙක් නෙවෙයි.මොකද මම හිතන්නේ මාව ⁣කවුරු හරි අනුගමනය කරනවා කියලා. මම කාගේවත් කතා බහට ලක්වෙන විලාසිතා කරන්න කැමති නෑ. මම යම් නමක් දිනාගත් කෙනෙක්. අනික මම දරුවන්ගේ මවක්. ඒ සියල්ල ඔළුවේ තියාගෙන තමා මම කරන විලාසිතාවක් කරන්නේ. චාම් බව තමා මගේ විලාසිතාවේ අනන්‍යතාවය. කොහොම වුනත් මම දැන් මේ සේරම අත්හැරලා ඉන්නේ මොකද මම දැන් මේ සේරම අත් හැරලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙලා ඉන්නේ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *