‘මම දැන් නිලියක් විදියට නම හදාගෙන ඉවරයි ඒ නිසා හැම එකේම රඟපාන්නේ නෑ’ ජනප්‍රිය නිලි රිතූ කියන කතාව

දක්ෂ දඟකාර කටකාර හැඩකාර පුංචි තිරයේ අති දක්ෂ රංගන ශිල්පිනියක් ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. මෑත කාලයේ ඇය වැඩිපුර පුංචි තිරයේ දකින්න නොලැබුණත් එක්තරා කාලයකදී ඇය පුංචි තිරයේ නිරන්තරයෙන් දකින්න ලැබුණා. ඉතින් ඇය පෙනෙන්න නොසිටි කාලේ බොහෝ දෙනෙක් ඇයි ගැන සොයන්න පටන් ගත්තා. නමින් ඇය රිතූ ආකර්ෂා.

රිතූ සෑම නිර්මාණයකටම සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි නේද, ”ඔව් ඒක ඇත්ත මම නිර්මාණ වලට සම්බන්ධ වෙන්නෙ තෝරා බේරගෙන. මොකද මම කැමති නැහැ මම අමාරුවෙන් හදාගත්ත නම කැත කරගන්න. අපි මේ ක්ෂේත්‍රයේ නමක් හදාගෙන ඉවරයි. අපි දැන් සම්බන්ධ වෙන්න ඕන හොඳ නිර්මාණවලට. ඉතින් ඒ නිසාම මම පිටපත අධ්‍යක්ෂකවරයා වගේම නිර්මාණය ගැන සලකල තමා නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. මගේ වෘත්තිය වෙන්නෙත් රංගනය. ඉතිං ඒ නිසාම මම රංගනය කියන දේ හරියට කරන්න කැමතියි. හදිස්සි වෙලා මට මේ රංගන ජීවිතයේ දී ඉස්සරහට යන්න ඕනි කමක් නැහැ.මම කොහොමත් ලද දෙයින් සතුටු වෙන කෙනෙක්.ඒ නිසා මට ලැබෙන නිර්මාණ ගැන මට සතුටුයි.”

ඔබ හිතන විදියට විදිහට ඔබට ගුණාත්මක නිර්මාණවලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබිලා තියෙනවද, ”මම හිතන්නේ රංගන ශිල්පියෙකුට වඩාත්ම වැදගත් දේ පිටපත. ඒකයි අපි ඇරයුමක් ලැබුනහම පිටපත මුලින්ම කියවන්නේ. පිටපත ලස්සන නම් අනිවාර්යෙන්ම කතාවද ලස්සනයි. ඉතින් ඒ නිසා මම කොහොමත් පිටපත බලලා නිර්මාණයට සම්බන්ධ වෙන නිසා මම හිතනවා මම සම්බන්ධ වෙන නිර්මාණ ගුණාත්මකයි කියලා.”

ඔබ මෙගා නාට්‍ය නිළියක් නේද, ”ඔව් ඇත්ත මම මෙගා නාට්‍යවලින් බිහිවුණ නිළියක්. මම රඟපාපු උතුම් පැතුම් ටෙලි නාට්‍ය කොටස් පන්සීයක් විතර තිබුණා. ඇත්තටම මෙගා නාට්‍ය කියන්නේ ප්‍රමිතියක් තියෙනවා නම් හොඳ පැවැත්මක් තියෙන තැනක්.”

ඔබ ප්‍රසිද්ධියට කැමැති කෙනෙක් ද, ”මම ප්‍රසිද්ධියට කැමැති කෙනෙක් නෙවෙයි හැබැයි මම මිනිසුන්ගේ ආදරයට ගොඩක් කැමති කෙනෙක් රංගන ශිල්පිනියක් විදිහට. මට ලැබිලා තියෙන ජනප්‍රියත්වය මත මම කිසිම දෙයක් තීරණය කරන්නේ නැහැ. ගොඩක් දුක් මහන්සි වෙලා තමයි මේ තැන හදාගෙන තියෙන්නේ. මම නිළියක් නේද කියලා හිතද්දි ඇත්තටම මට ගොඩක් සතුටුයි. කෙනෙක් මගේ ඉස්සරහට ඇවිල්ලා ඔයා දක්ෂ රංගන ශිල්පිනියක් කියලා කියද්දි ඒ ලබන සතුට වෙන කිසිම දෙයකින් ලබා ගන්න බෑ. මම කැමති මම විදිහට ජීවත් වෙන්න. කලාවෙන් ලබන සතුට තමයි මගේ සතුට .

Leave a comment

Your email address will not be published. Required fields are marked *