‘මම දැන් ඒකට හෙමින් පාර කපාගෙන යනවා’ හින්දි නිලියක් වගේ හැඩකාර නිපුනිකා කියන කතාව

නිපුනිකා හේවාගමගේ කියන්නේ පුංචි තිරයට ආධුනික චරිතයක් නෙවෙයි. හඬකැවීම් ශිල්පිනියක් ද වෙන නිපුනිකා බොහෝ දෙනා දන්නා අදුරන චරිතයක්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. ඇය එක රාමුවකට කොටු නොවී තමන්ගේ චරිත වලට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරනවා . ඔබ නිරන්තරයෙන් දකින්න නොලැබෙන රංගන ශිල්පිනියක්, එයට හේතුවක් තියනවද, පහුගිය කාලේ නම් වැඩ තිබුණේ නැහැ මට. නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ඉතාම අඩුවෙන්. සමහර නිර්මාණ තවම විකාශය උනෙත් නැහැ. කලා ක්ෂේත්‍රයට එන්නේ 2011 වර්ෂයේ.මට කැමතිය අය නිර්මාණවලට ආරාධනා කරනවා .සමහර අධ්‍යක්ෂවරු යටතේ මම වැඩ දෙක තුන කරලා තියෙනවා .මාව විශ්වාස කරලා මා වැඩ වලට සම්බන්ධ කරගන්න අය ගැන මම සතුටු වෙනවා .මට ගැළපෙන චරිත මට ලැබෙනවා.

ඔබ හඩ කැවීම් ශිල්පිනියක් නේද, ”තාමත් ආදරෙයි කියන ටෙලිනාට්‍යයට මම හඬ කැවිම් කලා. මම හඬ කැවීම් ක්ෂේත්‍රය ට ආසයි. ගෙදර අය වෙලාවකට අහනවා ඒ හඬ කවන්නෙ මමමද කියලා. මට ආරාධනා දෙක තුනකුත් ලැබිලා තියෙනවා. රංගනය එක කාල කළමනාකරණය කරගෙන හඬ කැවීම් ක්ෂේත්‍රයට ද සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ලද දැන්වීම් කිහිපයකටත් මම හඬ කැවීම් සිදු කරනවා.

ආදරේ ගැන මොකද හිතන්නේ, ”ආදරේ කියන්නේ ලැබිය යුතු වගේම ලබාදිය යුතු දෙයක්. වචනය සරල උනාට ආදරය කියන්නේ සරල දෙයක් නෙවෙයි. අපි කවුරුත් ජීවිතේ ආදරේ කියන දේ කරලා තියනවා විඳලා තියෙනවා. කොච්චර කාර්යබහුල වුණත් අනිත් කෙනාට පුංචි වෙලාවක් වෙන් කරනවා නම් ඒ අදරේ ගොඩක් වටිනවා. අපි අනිවාර්යෙන්ම ආදරේ කරන කෙනාට පොඩි හරි වෙලාවක් වෙන් කරන්න ඕනේ. එතකොටයි ඒ ආදරය රඳා පවතින්නේ.”

ජනප්‍රිය සම්මානයක් නොලැබුණාට ඔබ රසිකයන් අතර ජනප්‍රිය චරිතයක් නේද , ”මම මිනිසුන් අතර ජීවත් වන චරිතයක් කියලා මට හිතෙනවා. ප්‍රක්ෂකයන්ගෙන් ලැබෙන ආදරෙන් එයාලා කියන කතා වලින් මට ඒක දැනෙනවා. මම ආසාවෙන් ඉන්නවා කවදාහරි දවසක සම්මානයක් ගන්න. මම ඒකට ඕන පාර හදාගෙන යනවා. ලැබෙන්න දෙයක් තිබුනොත් මට අනිවාර්යෙන්ම ඒ දේ ලැබේවි. චරිතවලින් ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන නිසාම මම හිතලා කවදාහරි දවසක මට ඒ සම්මානය ලැබෙයි කියලා. විවිධ චරිත වලින් විවිධ හැකියාවන් පෙන්වනවා.”

ඔබ ගොසිප් වලින් සෑහෙන්න බේරිලා ඉන්න චරිතයක් නේද, ”එහෙම ලොකු පරිස්සමක් නැහැ. ගෙදර එන්න චරිතය ම තමයි එළියට ගියාමත් මම පෙන්වන්නේ. මට යාලුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි මම කවදාවත් ගෙදර දේවල් පිටට පිට දේවල් ගෙදරට අරන් එන කෙනෙක් නෙවෙයි. මම ගැන නම් ගොසිප් නිර්මාණය වෙලා නැහැ. සමහරුනම් හැමදේම ගොසිප් කරන්නයි බලාගෙන ඉන්නේ. ජීවිතයේ තමන් හරි දේ කරනවා නම් කොතනකවත් බය වෙන්න ඕනේ නැහැ. සමහර දේවල් විතරක් කරන නිසා මම ගොසිප් වලට බය කෙනෙකුත් නෙමෙයි.

පුංචි තිරයෙන් දකින්න ලැබෙන ඔබව සිනමාවේ දකින්න ලැබෙන්නේ නැද්ද, සිනමාවට ආරාධනා ලැබුණා. දැන් මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ඒ ආරාධනා පිළිගන්න වුණේ නැහැ. ටෙලි නාට්‍යවලට ආරාධනා භාරගත්ත නිසාම අකමැත්තෙන් වුණත් මට ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න බැරි වුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *