ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය කියන්නේ ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිනාට්‍ය වලින් එකක්. නවක රංගන ශිල්පියන් වගේම නවක රංගන ශිල්පිනියන් රැසක් කලාවට එකතු කරපු දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ඉතින් මේ නාට්‍යට රංගන දායකත්වය ලබාදුන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අරුණි මෙන්ඩිස් කියන්නේ. මේ වනවිට ඇය රංගන ශිල්පිනියක, රූපවාහිනී නිවේදිකාවක වගේම වැඩසටහන් මෙහෙයවන්නියක ලෙසත් කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නවා ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔබත් මමත් ආදරේ කරන අරුණි මෙන්ඩිස් සමග.
හැමෝම අරුණි මෙන්ඩිස් කියලා කතා කලාට අරුනිට තවත් නමක් තියෙනවා නේද? ”ඔව් ඒ නම ශිවන්ති හැබැයි පාසල් කාලේ ඉඳන්ම ඒ නම බාවිතා කලේ නෑ, කියන්න පහසු නිසා වගේම ඉක්මනට මතක හිටින නිසා පාවිච්චි කරන්නේ අරුණි මෙන්ඩිස් කියලා ඉතින් මම කළා ක්ෂේත්රයට ආවට පස්සෙත් ඒ නමම භාවිතා කරන්න පටන් ගත්තා මොකද ඒ නම පහසුයි”
පාසල් කාලයේ අරුණිගේ හීනය වුනේ මොකද්ද ? ”ඉස්සර මගේ එකම හීනය වුනේ නැටුම් ගුරුවරියක් වෙන එක මොකද මම නර්ථනයට ගොඩක් දක්ෂයි වගේම මම නර්තනයට ගොඩක්ම ආසයි. මම උසස් අධ්‍යාපනය පවා අරුමුනු කරගත්තේ ඒ හීනය වෙනුවෙන්. ඒත් උසස්පෙළ ඉවර කරනවත් එක්කම මට කලාවට සම්බන්ද වෙන්න ලැබුනා. ඒ එක්කම ගුරුවරියක වෙන හීනය මහරුනා”
අරුණි ආදරය සහ විවාහය දකින්නේ කොහොමද ”මට හිතෙන විදියට ආදරය කියන දේ හැමෝම විඳින්න ඕන දෙයක්. ඒක මිනිස්සුන්ට විතරක් අදාළ දෙයක් නෙවෙයි සතා සිවුපාවා ගහකොළ හැම දේටම ආදරේ දැනෙන්න ඕන. මම දැන් ආදරය විඳින වයසක ඉන්නේ ඉතින් මම දැන් හොඳින් ආදරය විඳිනවා කියලා කියන්න පුළුවන් මගේ විවාහයත් ඉතින් සිදුවිය යුතු විදියට සිද්ධවේවි කියලා හිතනවා”