Tue. May 17th, 2022

ඔහු මේ දිනවල හමුවන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය හරහා. ඔහු නමින් ඉෂාන් වන්නිආරච්චි. මේ සූදානම මේ අලුත් නළුවා ගැන කතා. යොවුන් පරපුරේ නිසාම ඔහුට ලැබෙන ආදරය ද මේ දිනවල විශේෂයි කියලයි අපට ආරංචි වුණේ. ඉතින් කොහොමද මේ දිනවල පාරේ බැහැලා වත් යන්න බෑ කියලයි අපිටනම් ආරංචි වුණේ, ”ඇත්තටම ඔව් මේ දිනවල පාරදිගේ ටෙලි නාට්‍යය නිසාම මම ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් අය මාව ආද⁣රයෙන් වැළඳගෙන තියෙනවා. පාර දිගේ කතාවේ ජෙරාඩ්ට කවුරු අකමැති වුනත් මම පාරේ බැහැලා යද්දී මට හැමෝම කැමතියි. කතාවට මම කොහොම වුණත් මාත් එක්ක කතා කරන අය දන්නවා මම කවුද කියන්න. ඒ නිසාම ගොඩක් අය මට ආදරේ කරනවා. මාත් එක්ක කතා කරනවා.”

අපි ගම් පළාත ගැන මතක් කලත්, ”මම දකුණේ මාතර කොල්ලෙක්. ඇත්තටම මම කැමැතියි ගමට. කොළඹ වැඩ ඉවර වුණ ගමන්ම මම කැමැතියි ගමට යන්න. මොකද ගමේ තියෙන පරිසර සුන්දරත්වය නගරයෙන් ගන්න බැහැ. කොළඹජිවත් වෙනවා කියන්නේ කොටු වුන ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසාම මාතර කියන ගමට මම හරි ආදරෙයි. මගේ ගම මාතර කියන්නත් මම දෙපාරක් හිතන්නේ නැහැ.”

ජිවිතේ ප්‍රතික්ෂේප වීම ගැන කතා කලොත්, ”මගේ ජීවිතේ මම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. 2015 එක්තරා තැනක එක චිත්‍රපටයක් කරද්දි මම ගිහින් එතන මට අවස්ථාවක් දෙන්න කියල පොඩි ඉල්ලීමක් කළා. එදා එක පුද්ගලයෙක් මට කිව්වා මල්ලි ටිකක් කෙලින් ඉන්න අවස්ථාවක් දෙන්නම් කියලා. මම පැය ගානක් හිටියා. හැබැයි මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මූලික පරීක්ෂණවලින් වලටත් ගිහිල්ලා මම ප්‍රතික්ෂේප වුන තැන් තිබුණා. 2015 ඉඳන් මම විවිධ නාලිකා වලට අවුරුදු කුමරා තරගයට අයදුම් කළා. 2019 තමයි මට ඒ හීනේ ජය ගන්න පුළුවන් වුණේ. මම හිතන්නේ 2019 අවුරුද්ද කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් අවුරුද්ද.”

ඔබ මේ වන විට පෙම්වතෙක් ද, ”මම තාම පෙම්වතෙක් නෙවෙයි. හරිම කෙනා හරිම තැනදි හරිම වෙලාවට මගේ ජීවිතයට එනකම් මම බලාගෙන ඉන්නවා.කාලයට ඉඩ දීලා බලමු හරිම කෙනා ඒවි ජීවිතේට.”

පාසල් කාලේ ඉඳන්ම ඔබ නළුවෙක් වෙන්න ආස කලාද, ”සාමාන්‍ය පෙළ ඉවර වෙද්දි මම ආස කළා ජනප්‍රිය චරිතයක් වෙන්න. හැබැයි ඒ නළුවෙක්ද කියලා නම් මම හිතුවේ නෑ. උසස් පෙල කරද්දී මට රූප රචනා වලට සම්බන්ධ වෙන්න ඉඩකඩ ලැබුණා. 2016 අවුරුද්දේදී තමයි මට හිතුණෙ නළුවෙක් වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *