මම තාම තරුණයි, හැබැයි ඇඟ පේන ඇඳුම් මම අඳින්න ආස නෑ – සුන්දර ගායිකා සෙව්වන්දි රණතුංග

ලාංකේය ගායන ලෝකයේ හැමෝගෙම සිත් හොරාගන්න සමත්වුන සුන්දර ගායිකාවක් තමයි සෙව්වන්දි රණතුංග කියන්නේ. ඒ වගේම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙක් වන නිහාල් වික්‍රම එදිරිසූරියගේ ආදරණීය බිරිඳ තමයි ඇය, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය සමග, ඉතින් සෙව්වන්දි මොනවද මේ දවස්වල වෙන්නේ ”මේ දවස්වල දෙරණ නාලිකාවේ 60+ සංගීත වැඩසටහනට සම්බන්ද වෙලා එකේ විනිසුරු වරියක් විදියට ඉන්නවා. මම හරිම සතුටින් තමයි ඒ වැඩසටහනට එකතු වෙන්නේ, ඊට අමතර සුපුරුදු පරිදි ගායන කටයුතුවල නිරතවෙනවා, හැබැයි වෙනදට වඩා ටිකක් කාර්යබහුලකයි”

සෙව්වන්දි අපි දකිනවා ඔබ ගොඩක් සුන්දර විලාසිතා කරනවා ඉතින් විලාසිතා කියන්නේ මොකක් කියලද ඔබට හිතෙන්නේ..? ”විලාසිතා කියන දේ කාන්තාවන්ට ගොඩක්ම විශේෂයි, ඒ වගේම මම හිතනවා කෙනෙක් මුලින්ම මනින්නේ ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුමෙන් ඉතින් අපි විලාසිතා කරද්දී ඒ පිලිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන, ඉතින් මම හිතන විදියට විලාසිතා කියන්නේ අපිට අවශ්‍යම දෙයක්”

ඔබ විලාසිතා කරද්දී වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ මොන විදියටද ”මෙහෙමයි මම නිතරම හිතන්නේ මම තාම තරුණයි කියලා, ඒ දේ හිතේ තියාගෙන තමයි මට ගැලපෙන විලාසිතා තෝරාගන්නේ, පුද්ගලිකව මම ඇඟ පේන ඇඳුම් අඳින්න කැමති නැති කෙනෙක්, හැබැයි මම සහභාගී වෙන ස්ථානය අනුව ඊට අදාලා විදියට විලාසිතා කරනවා, ඉතින් ඒ නිසා අද වෙනකන් කිසිම කෙනෙක් මගේ විලාසිතා ගැන නරක දෙයක් කියලා නෑ”

ඔබ ඇඳුම් අඳින්නේ කෙනෙක් අනුකරණය කරලද ? ”කවදාවත්ම නෑ, මම කවදාවත්ම කවුරුවත් අනුකරණ කරන්නේ නැහැ, මම හැමදාම විලාසිත කලේ මට ගැලපෙන විදියට මම තෝරාගෙන, හැබැයි හැමෝම කරන විලාසිතා දිහා මම ආසාවෙන් බලාගෙන ඉන්නවා, පුළුවන් හැම වෙලාවේම කෙනෙක්ගේ සුන්දරත්වය අගය කරනවා හැබැයි මම කිසිම කෙනෙක් අනුකරණය කරන්නේ නැ”

Related Posts

Leave a Reply

Your email address will not be published.