‘මම තාත්තෙක් නැතුව හැදුන දරුවෙක්’ ජනප්‍රිය නිලි නිරන්ජන් කියන කතාව

රටවල් 86ක් අතරින් නිර්මාණ 1300ක සංබ්‍යාවක් අභිබවා ‘සුනාමි’ චිත්‍රපටය සම්මාන ද්විත්තවයක් ලබාගන්න සමත් වෙනවා. මෙහි හොදම නිළිය සම්මානය ලබා ගන්නේ නිරන්ජනී ෂන්මුගරාජා. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. මුලින්ම මේ ලැබුන ජයග්‍රාහනය ගැන කතා කරමුද? “ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද අපිට ලැබෙන මේ හැම ජයග්‍රාහණයක්ම අලුත්. අපේ සිනමාව සිංහල, දෙමළ කියලා වෙන් කරන්න බෑ කවදාවත් අපිට. අපිට සිනමාව කියන දේ ඇතුලේ තව ලොකු දෙයක් කරන්න තියෙනවා. ඒකට ලොකු වගකිමක් මට පැවරිලා තියෙනවා කියලා මම හිතනවා. මොකද මට ජයග්‍රාහණ සතුට එක්ක ඒ වගේ දේවල් හිතෙනවා.”

ඔබ සම්බන්ධ වුන චරිතය ගැන කතා කරමුද? “සුනාමි චිත්‍රප⁣ටයේ කල්‍යාණිගේ චරිතයට සම්බන්ධ වෙන්න ලැබුනා. ඒ චරිතය ගැන කතා කරන්න ගියොත් මගේ ජිවිතේ මම අම්මා කෙනෙක් නෙවෙයි. හැබැයි මේ චරිතය ඇතුලේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ චරිත වල ගොඩක් තිබුනේ හැගිම් ප්‍රකාශනය. හැගිම් වලින් සැර පරුෂ වෙන්න වුනා.

මේ කතාවේ සුනාමියෙන් පස්සේ අවුරුදු 12කට පස්සේ තමා තමන්ගේ අම්මා දුව හම්බවෙන්නේ. හැබැයි දුව අම්මා අදුරන්නේ නෑ. අන්න ඒ සිද්ධිය අනිවාර්යයෙන් හැගිම් ඔස්සෙම තමා යන්නේ. මේක ලියපු කෙනා ලියන දවසේ ඉදන් මාව මතක තියාගෙන තමා ලියලා තියෙන්නේ කියලා අධ්‍යක්ෂකවරයා කිවා.”

ඔබ මේ නිර්මාණයට කරපු කැප කිරිම ගැන කතා කලොත්, “මම සම්බන්ධ වුන අනිත් චරිත එක්ක බලද්දි මේක මට අභියෝගාත්මක චරිතයක්. මොකද දිවිය ගැන නොහිතා සමහර අවස්ථා වල රංගනයට සම්බන්ධ වෙන්න වුනා. මම මේ නිර්මාණයට සම්බන්ධ වුනෙත් බොරුවක් කියලා. මොකද මේකට හොදට පීනන්න පුළුවන් වෙන්න ඕන, හැබැයි ඇත්තටම මට පිනන්න බෑ.

හැබැයි මම ඒක බෑ කිවේ නෑ මට ඒ තරම් නිර්මාණය වටින නිසා. ඒ නිසා මම වතුර බැස්සේ බයෙන්. මට වතුරත් ගිලුනා. ඒවා මතක් වෙද්දි අදනම් ලොකු බයකුත් දැනෙනවා. අපි වපුරන දේ තමා අපිට අස්වැන්න ලැබෙන්නේ. මොකද ඇත්තටම අපි ආදරයෙන් දෙයක් කැප කරද්දි අපිට ඒ දේට හිමි වටිනාකම ලැබෙනවා.”

ඔබ ගෙදරට හොරෙන් රංගනයට සම්බන්ධ වුනා කියන කතාව ඇත්තක්ද? “ඔව් මුලින්නම් ඇත්තටම මට ගෙදරින් මේකට කැමැත්තක් ලැබුනේ නෑ. හැබැයි අද වෙද්දි මගේ වැඩ වලට මාව දිරිමත් කරන්නේ මගේ අම්මා. මම තාත්තා නැතුව හැදුන දරුවෙක්. අපි මොන ක්ෂේත්‍රයට ආවත් කාන්තාවක් විදිහට අපිට යම් යම් සිමා වැටෙනවා. හැබැයි අපි ජිවත් වෙන විදිහ එක්ක අපේ ගමන තිරණය වෙනවා. මම මාව විස්වාස කරන කෙනෙක්. මම හිතුවා කවදාහරි දක්ෂ කෙනෙක් නිළියක් වෙනවා කියලා. මම මගේ ගමන යන්න හිතාගත්තා පරිස්සමෙන් “

Leave a comment

Your email address will not be published. Required fields are marked *