මම තමයි එයාගෙන් ඇහුවේ අපි බඳිමුද කියලා – දුලීකා මාරපන

සම්මානනීය චරිතාංග රංගන ශිල්පිනියන් අපේ කලා ලෝකයේ ඉන්නේ බොහොම අතලොස්සක් පමණයි, ඉති ඒ අතලොස්ස අතරින් ඉහලින්ම ඉන්න රංගන ශිල්පිනියක විදියට අපිට දුලීකා මාරපන මහත්මිය හඳුනවාදෙන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන දුලීකා මාරපන සමගයි, ඉතින් දුලීකා අපිට කියන්නකෝ ඔයා මුලින්ම සමානයක් ගත්ත දවස ගැන, කොහොමද දැනුනේ ඒ අවස්තාව ”මගේ අම්මා මම රංගන ශිල්පිනියක් වෙනවට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ, මම පොඩි කාලේ ඉඳලම එයාට ඕන වුනේ මම චිත්‍ර ශිල්පිනියක් හරි ගායන ශිල්පිනියක් වෙනවා දකින්න, අම්මා මාව කැම්පස් එවුවෙත් රඟපාන්නේ නෑ කියලා පොරොන්දු කරගෙන,

හැබැයි මම කැම්පස් එකේදී තෝරාගත්තේ නාට්‍ය හා රංග කලාව කුසුම්සිරි ලියනආරච්චි කියලා යාලුවෙක් හිටියා ඉතින් එයා කරපු නිර්මාණයකට මාව සම්බන්ද කරගත්තා, ඊට පස්සේ රාජ්‍ය සම්මාන උළෙල තිබ්බා අපේ කැම්පස් එකේ ඔක්කොම එකට ගියා ඉතින් මමත් අම්මා එක්කගෙනම ගියා ඒකට, සම්මාන උත්සවය පටන්ගෙන සම්මාන දෙද්දී එක පාරම හොඳම නිළිය සම්මානය දුලීකා මාරපන කියලා කිවූවා. ඒ වෙලාවේ මට කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුනා, අම්මා එවෙලේම මගේ කනට දුන්නා නියම පාරක් එතකොට තමයි සිහිය ආවේ,

කම්මුල රතුවෙලා, මොනවා කරන්නද එහෙම්ම ගිහින් මම හිනාවෙවී වේදිකාවට නැගලා සම්මානය අරගෙන ආවා, මම සම්මානය අරගෙන ආවෙත් අම්මා ලඟට, අම්මගේ ලඟට ආවගමන් කිවුව්වා අද යමන්කෝ ගෙදර මම අද උඹට හොඳට සලකනවා කියලා. මාව ගෙදර එක්කගෙන ගියාම ආයෙමට මාස තුනක් විතර යනකන් ගෙදරින් එලියට යන්න දුන්නේ නෑ, කැම්පස් යන්නත් නෑ, පස්සේ කොහොම කොහොම හරි අම්මා යාලු කරගත්තා”

දුලීකා රංගන දායකත්වය දුන්න නිර්මාණ ගැන මොකද හිතෙන්නේ දැන්, ”ඒ නිර්මාණ සේරම ගැන මම හරිම සතුටු වෙනවා, හැබැයි මම රඟපාපු නිර්මාණයක් ආයේ බලන්න මට අමාරුයි, අදටත් මම රඟපාන එකක් ආයේ බලන්නේ නෑ, අධ්‍යක්ෂක කිවුවත් මම බලන්නේ හරිම කම්මැලි කමින්, මට එහෙම බලද්දී මට ලැජ්ජයි, කවුරු මොනවා කිවුවත් මම මගේ නාට්‍ය බලන්නේ නෑ, ගෙදර අය ඒවා බලද්දී මම එතනින් නැගිටලා යනවා”

දුලීකා ඔබගේ ආදරේ පටන්ගත්තේ කොහොමද ”මගේ සැමියා අධ්‍යක්ෂක වරයෙක්, අපි මුලින්ම මුණගැහුනේ සක්මන් ඡායා ටෙලිනාට්‍යයෙන්, කාලයක් අපි කතාබහ කළා, අපි ගොඩක් හිතවත් වුනා, ඉතින් ඔය අතරදී අපි කසාද බඳිමුද කියලා මම ඇහුවා, ඉතින් එයා කැමතියි කිවුවම අපි විවාහ වුනා,”

Related Posts

Leave a Reply

Your email address will not be published.