Tue. May 17th, 2022

වොල්ගා කල්පනී කියන්නේ සමාජය තුළ කතා බහට ලක් වූ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය පුංචි තිරයේ බොහෝදෙනෙකුගේ ආදරය දිනාගෙන තියෙනවා. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ ටුටුගේ චරිතය හරහා. ඉතින් අපි සූදානම් වෙන්නේ ඇයි සමග කතා කරන්නයි.

වොල්ගට ජීවිතයේ නොකරපු වැරැද්දකට දඬුවම් විඳින්න ලැබුණොත්, මේ වෙනකම් මගේ ජීවිතේ දඬුවම් ලැබිලා තියෙන්නෙ මම නොකරපු වැරදි වලට. ඒක නිසා මට ඒක දැන් හුරු පුරුදුයි. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මම ජීවිතයේ නොකරපු වැරදි වලට ලැබෙන දඬුවම් ගැන හිතන්නේ නැහැ. කවුරු මොන දේ කොහොම කිව්වත් මගේ හිත දන්නවා මම වැරැද්දක් කළේ නැහැ කියලා. ඒ නිසා මම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. කවුරු මොන කතා කිව්වත් මම ඒවා භාර ගන්නේ නැහැ.

ඔබට දේශපාලනයට ආරාධනාවක් ලැබුණොත්, මම ජීවිතේ කවදාවත් දේශපාලනය නම් කරන්නේ නැහැ. මේ පවතින තත්ත්වයත් එක්ක දේශපාලනය කිරීම බොරු වැඩක්. මේ පවතින රාමුවේ ඉඳන් දේශපාලනය කරන්න මම දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා නොදන්න දේවල් නොකර දන්න දේ කරගෙන ඉන්න එක හොඳයි.

ජීවිත සමහර සිදුවීම් අමතක කරන්න ඔබට අවස්ථාවක් ලැබුණොත්, එහෙම අමතක කරන්න තරම් ලොකු සිදුවීම් මගේ ජීවිතේ නෑ. සමහර අකමැතියි කියලා හිතන සිදුවිම් මම හරි ආසාවෙන් මතක තියාගෙන ඉන්නවා. මම මගේ ජීවිතය වැඩිපුරම ආදරේ මගේ ආච්චීටයි සියාටයි. ඒ දෙන්නම ජීවතුන් අතර නෑ. ඉතින් ඒ දෙන්නා මැරුණා කියලා අමතක කරන්න පුළුවන් වෙනවා නම් මම ඒකට කැමතියි.

කලාවට අමතරව ඉගෙනගන්න කැමති විෂය මොකක්ද, මම කැමතියි භාෂාවක් ඉගෙන ගන්න.කාලයක් මම ඒකට පොඩි උත්සාහයකුත් ගත්තා. හැබැයි මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ඒක කරන්න බැරි වුණා. ඉතින් ආයිත් මට භාෂාවක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණොත් මම ඉගෙන ගන්නවා. සමරවිට භාෂාවක් නැතුව භාෂා ගානක් ඉගෙන ගන්නත් කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *