‘මම ජීවිතේ පටන්ගත්තේ බිංදුවෙන් අද මම කථිකාචාර්යවරයෙක්’ ප්‍රවීණ නළු ප්‍රසන්නජිත් කියන කතාව

ඔහු වේදිකාවට ගොඩ වන්නේ 1976 වසරේදීය. සාමාන්‍ය පවුලක උපත ලබන ඔහුට කලාව ගැන උණ පටන් ගන්නේ කුඩා කාලයේදීම ය. එහෙත් කලාවට එකතු එකතු වීම ඔහුට ලේසි පහසු නොවිය. ඒ නිසාම ඔහු ආව ගමන කටුකයි. ඈත අතීතයේ සිට ම සිනමාව පුංචි තිරය ආක්‍රමණය කරන්නට ඔහු සමත් වුණා. ඔහුගේ රංගන කෞෂල්‍ය ගැන පැවසීමට උදාහරණ නැති තරම්.කටුක ගමන් මඟක් පසු ඔහු අද කොළඹ සෞන්දර් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. රසික හදවත් සොරා ගත්ත ප්‍රවීණ රංගන ශිල්පියෙක්. බොහෝ දෙනෙක් ආදරය කරන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ට පණ පොවන ඔහු ප්‍රසන්නජිත් අබේසූරිය.

නැවතත් ඔබ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරන්. ඒ නාඩගම්කාරයෝ මාස්ටර්ගේ චරිතය හරහා. සකුගේ කතාව හරහාත් ඔබ බොහෝ සේ ජනප්‍රිය වුණා. කතාකරමු කොහොමද රසිකයන්ගෙන් ලැබෙන ආදරේ ගැන, හොද පිළිගැනිමක් ඔවුන්ගේ හිත් වල මට තියෙනවා. ප්‍රධාන වශයෙන්ම විශ්වවිද්‍යාලය කටයුතුත් එක්ක මට රංගන කටයුතු වලට නිරත වෙන්න කාලය වෙන් කරගන්න අපහසු වුණා. මම ටෙලිනාට්‍යයක් තෝරාගන්නේ හොඳ පිටපතක් ලැබුණොත් විතරයි. සකුගේ ටෙලිනාට්‍ය,නාඩගම්කාරයෝ කියන්නේ මම සතුටින් කරපු චරිත. කොහොමත් එකිනෙකට වෙනස් චරිත තමයි මම ඉදිරිපත් කරන්නේ. කරපු හැම චරිතයකටම රසිකයින්ගේ ආදරය නොඅඩුව මට ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි .

දැන් කලාවට පැමිණිලා කොච්චර කල් වෙනවද, මේ වෙද්දි මම කලාවට සම්බන්ධ වෙලා අවුරුදු හතළිහකට වැඩියි. මම ආපු ගමන ලේසි ගමනක් නෙවෙයි. මාව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් කරන්නයි දක්ෂ රංගන ශිල්පියෙක් කරන්නයි පාර හැදුණේ වීදි නාට්‍යවලින් සහ වේදිකා නාට්‍යවලින්. මම වීදි නාට්‍ය කරන්නේ අවුරුදු 25ක කාලයක ඉදලා.කොහොම වුනත් මේ අවුරුදු ගානට මම ගොඩක්දේවල් ඉගෙන ගත්තා⁣. ගොඩක් දේවල් තේරුම් ගත්තා.

ජීවිතයේ මේ තරම් කාලයකට සම්බන්ධ වුන නිර්මාණ ගැන ඔබ තෘප්තිමත් වෙනවද, මම කවදාවත් කරන්න නිර්මාණ වලින් නිර්මාණවලින් තෘප්තිමත් වෙන කෙනෙක් නෙවෙයි. මොකද මම අලුත් අලුත් දේවල් හොයන රංගනය ගැන පිපාසයෙන් ඉන්න කෙනෙක්. මැරෙනකම්ම රඟපාන්න තමයි මම බලාපොරොත්තුවෙන් ඉන්නේ. මට වුවමනාව තියෙන්නේ රඟපාන්න.දුකට කාරණය කියන්නේ වර්තමානයේ නිර්මාණ බිහි වුණා ට හොඳ නිර්මාණ බිහි වෙන්නේ අඩුවෙන්. වර්තමානයේ ගොඩක් නිර්මාණ ජනප්‍රිය වෙන්නේ පුස් නිර්මාණ. කොහොම උනත් මම නිර්මාණවලට සම්බන්ධ වෙන්න තෝරාගැනීමක් එක්ක වෙද්දි මම රඟපාපු නිර්මාණ වලින් තෘප්තිමත් වෙන කෙනෙක් නෙමෙයි.

ඔබ ආපු ගමන් මග ගැන කිව්වොත්, මම සාමාන්‍ය පවුලක රංගනය ගැන උණ තියන කෙනෙක්. මම ආපු ගමන ලේසි පහසු නැහැ. සුන්දර ගමනක් මට නැහැ. බොහොම දුක් විඳලා තමයි මම මේ ගමනට ආවේ. මම මගේ ජීවිතේ පටන් ගත්තේ බිංදුවෙන්. අද මම රංගන ශිල්පියෙක්. ඊටත් වඩා මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම හිතනවා මේ හැමදේම මට ලැබුණේ මගේ වාසනාවට කියලා. මොකද මේ හැමදේම අභියෝගයක් විදිහට තමයි මම ජය ගත්තේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *