‘මම ගොඩගියේ ලක්ස් නිසා’ තරුණියන්ගේ සිහින කුමරා රුක්ෂාන් කියන කතාව

පැතුම් රුක්ෂාන් වර්තමානයේ දක්ෂ රංගන ශිල්පියෙක් නිවේදකයෙක්. ලගදි මනමාලයෙක් වුන රුක්ෂාන් සමඟයි අද අපේ කතාව. අලුතින් පටන් ගත්ත ජිවිතේ ගැන කියලම අපි කතාව පටන් ගමු නේද. “කලවයසත් හරිනේ. කොවිඩ් තත්වය එක්කම මම විවාහ ගිවිස ගත්තා. විවාහය කල් දාන්න ඕනි නෑනේ ඉතින් තවත්. ම⁣⁣ගේ ආදරය පටන් ගන්නේ 2012. එතකොට මම නිරූපණ ශිල්පියෙක්. රංගනයට ඇවිත් නෑ. එදා ඒ හමුවුන ආදරය අද විවාහය දක්වා දුර ගිහින් තියෙනවා. එයාගේ නම ලක්ෂානි ඒ නිසා මම එයාට ආදරේට කියන්නේ ‘ලක්ස්’ කියලා. සමහර අය කතාවට කියන්නේ ලක්ස් නිසා මම ජනප්‍රිය වුණා කියලා.”

ඔබේ ආදර කතාව පටන් ගත්ත හැටි ගැන කිව්වොත් , ”ලක්ෂාණි මාව අඳුරගත්තේ මම ක්ෂේත්‍රයේ නොසිටි කාලේ හරියට මම ශ්‍රේෂ්ත්‍රය ට ආව මුල් කාලේ කිව්වොත් හරි. මම කුරුණෑගල එයා නුවර, ඉස්සර කතාවට කියන්නේ නුවර ගෑනු ළමයි ගොඩක් ලස්සනයි කියලා.

ඉතින් ඒ අදහස මටත් තිබුනා. එයාව ටික කාලයක් ආශ්‍රය කරනකොට මට තෙරුනා මගේ අදහස් වලට යා හොඳට ගැළපෙනවා කියලා කිසිම වෙලාවක මාව නීති දාලා අල්ලගෙන තියාගත්තෙ නෑ. එයාව තමා මට ගැලපෙනම කෙනා කියලා හිතුන නිසා මම විවාහ වෙන්න තීරණය කළා. මම විශ්වාස කරන්නේ දෙන්නෙක්ගේ විවාහය සාර්ථක වෙන්න ප්‍රධානතම හේතුව අදහස් ගලපගන්න ඕන කියන එක.

ලක්ෂාණි ගේ ආදරය ගැන ඔබ කෙටි වචනයක් කිව්වොත්, ඒ වගේ ආදරයක් ලබන්න ඇත්තටම මං ගොඩක් වාසනාවන්තයි කෙටියෙන්ම පැතුම් ගොඩක් ලකී. එයාට තියෙන්නෙම සුබවාදී අදහස් විතරයි. දවසින් දවස එයාගේ ආදරය මට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මටත් දවසින් දවස එයා ගැන තියෙන ආදරය ගෞරවය වැඩි වෙලා මේ හැමදේම එක්ක .

ඔබට මේ අලුත් ජීවිතය දැනෙන්නේ කොහොමද, ඒක හරි සුන්දර හැඟීමක්. මම ගොඩක් දුරට තනියම ජීවත් වුණ කෙනෙක්. හැබැයි අද මම තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙනවා. ලක්ෂාන් එක ගොඩක් වෙලා ගත කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඉස්සර නැති ගෙදර යන උනන්දුවක් දැන් මට තියෙනවා .

ඔබ ඔබ ගැන හිතන්නේ කොහොමද ? ”මම ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. සමහර වෙලාවට සමහරු කියනවා මං ගොඩක් පණ්ඩිතයි කියලා. හැබැයි මාව දන්න අය දන්නවා පැතුම් කියන්නේ කවුද කියලා. මම ගොඩක් සරල චාම් කෙනෙක්. මට කාගෙවත් දේවල් ඇත්තටම වැඩක් නෑ. මම කැමැතියි කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. මම සතුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් වගේම ආගම දහමට ළැදි කෙනෙක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *