‘මම ගොඩක් වෙලාවට පාවිච්චි කියන්නේ බේබි ක්‍රීම්’ ජනප්‍රිය ගායිකා සෙවුවන්දි කියන කතාව

කොච්චර වයසට ගියත් තරුණ පෙනුම රැකගන්නවා කියන ⁣එක කාන්තාවකට ලේසි පහසු දෙයක් නෙවෙයි. උපතින්ම ගායන හැකියාවට උරුමකම් කියන ඇය මනා වු රූ සපුවකින්ද යුතු වෙනවා. ඉතින් අද ලස්සන කතා කරන්න අපි තෝරගත්තේ ඇයව නමින් සෙව්වන්දි රණතුංග. ඇය බිරිඳක් මවක් වුවත් ඒ පෙනුමේ කිසිදු වෙනසක් නෑ. ඉතින් ඒ නිසාම එ සුන්දර බවේ රහස ගැන අහන්න අපි හිතුවා. “ඇත්තටම මම කියන කතාව කවුරුත් විස්වාස කරන්නේ නෑ. හැබැයි මම කිසිම බෙහෙතක් කිසිම ආලෝපනයක් පාවිච්චි කරන්නේ නෑ.

තාත්තා වුනත් කැමති වුනේ නෑ මම කිසිම දෙයක් පාවිච්චි කරනවට. මොකද මම කුඩාකාලයේ ඉදන්ම සුන්දර කෙනෙක් නිසා. කිසිම දෙයක් පාවිච්චි නොකර නිසා වෙන්න ඇති ඇත්තටම මගේ රූපය අද මේ විදිහට තියාගන්න මට පුළුවන් වෙලා ඇත්තේ”

කාන්තාවක් අනිවාර්යයෙන් ලස්සනට සිටිය යුතුද? “කාන්තාව⁣කගේ බාහිර පෙනුමට වඩා මම විස්වාස කරන්නේ හදවත කියන දේ ලස්සන වෙන්න ඕනි කියලා. මොකද හදවත ලස්සන වෙන්න වෙන්න අපිට නොදැනිම අපේ රූපය ලස්සන වෙනවා. හැබැයි දැන් කාලේ මිනිස්සු කෙනෙක්ව මනින්නේ බාහිර පෙනුමෙන් ඉතින් දැන් නම් ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා”

සමපැහැපත් කරගන්න සහ සමේ පැහැය තියාගන්න සෙව්වන්දි මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ, “එහෙම කියලා විශේෂ දෙයක්නම් කරන්නේ නෑ. හැබැයි මම මගේ නිරෝගිකම තියාගන්න එළවළු පළතුරු නිතරම ආහාරයට ගන්නවා. අනික මම හොදට වතුර බොනවා. මම සමේ පැහැය තියාගන්න කියලා විශේෂ දෙයක් කරන්නේ නෑ. මම විශේෂයෙන් බේබි ක්‍රිම්නම් පාවිච්චි කරනවා. මම මොන දේ පාවිච්චි නොකලත් උදේ පාන්දර මම හැම කෙනාටම මෙත් වඩනවා. අනික මම දන්න නොදන්න හැම කෙනෙකුටම උදව් කරනවා මට පුළුවන් විදිහට. මගේ මනස පිරිසිදුව තියාගන්න මම මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. මම තරුණ විමේ රහස තමා හිත ලස්සනට තියාගන්න එක”

ඔබ තෝරගන්න විලාසිතා ගැන කතා කලොත්, ”මම ඉන්න වෘත්තියේ වුනත් මම යන තැනක වුනත් මම මුල් තැන දෙන්නේ මගේ විලාසිතාවට. මම දරුවෝ ඉන්න අම්මා කෙනෙක්. අපේ ප්‍රේක්ෂකයන් අපිව අනුකරණය කරනවා. ඉතින් මම කැමති නෑ මගේ විලාසිතා කවුරුත් වැරදියට දකිනවට.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *