මම ගොඩක් දඟ ජොලියට බර කෙල්ලෙක් – සචිනි දිල්හාරා

රංගන ක්‍ෂේත්‍රය කියන්නේ කාලෙන් කාලෙට එක එක චරිත එන යන තැනක්. කොහොම වුනත් මේ දවස්වල හැමෝම කතාවෙන චරිතයක් තමයි සචිනි දිල්හාරා කියන්නේ, මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රිය වෙලා ඉන්න සචිනි ගොඩක් දක්ෂ ඉංග්‍රීසි අංශයේ නිවේදිකාවක් ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් අද අපේ කතාබහට අපි එකතුකරගත්තේ සචිනි දිල්හාරා. සචිනි ඇයි නර්ථනයෙන් එකපාරම රංගනයට ආවේ ”මම කොහොමත් පාසල් කාලේ ඉඳලා විෂය බාහිර වැඩ වලට සහ නාට්‍ය වලට මම ගොඩක් යොමුවෙලා හිටියා,

සචිනිට ගෙදර අය කතා කරන්නේ චූටි නෝනා කියලද එහෙමත් නැත්තන් සුදු නෝනා කියලද ”සුදු දුව කියලා තමයි අම්මා කතා කරන්නේ මගේ යාලුවෝනම් එක එක විදියට කතා කරනවා, ගොඩක්ම කියන්නේ සච්චා, සචී කියලා ඒ අයට එහෙම ගානක් නෑ එක එක ඒවා කියනවා සමහර ඒවා මෙහෙම කියන්නත් බෑ මොකද යාළුවො යාළුවො එක එක විහිලු නම් එහෙමත් කියනවනේ”

ඇත්තටම සචිනි කියන්නේ මොන වගේ චරිතයක් ද ? ”ඇත්තම කියනවනම් මම ගොඩක් දඟයි, ඒ උනාට මම හරිම කරුණාවන්තයි, මම මං ගැන හිතන්නේ එහෙම. අනික මම ගැන මමම කොහොමද කියන්නේ කියලා හිතාගන්න බෑ, හැබැයි මම හරිම සාමාන්‍ය සරල කෙල්ලෙක්, ඕනෑම තැනකට ගියාම ඒ තැනට ගැලපෙන විදියට ඉන්න මට පුළුවන්, අනිත් කාරණය තමයි මම ජොලියේ ඉන්න කෙල්ලෙක්”

Related Posts

Leave a Reply

Your email address will not be published.