‘මම ගොඩක් කැමති සරල ඇඳුම් අඳින්න’ ලංකාවේ කිම් සඳනි කියන කතාව

කාලයක් පුංචි තිරයේ ඇය ගැන වැඩි සෙයින් කතා බහට යොමු වුනා. අග්නි පියාපත් හි මාධවි කියන්නේ කතාව තුළ වෙනසක් ඇති කරපු චරිතයක්. නමින් ඇය සදනි ප්‍රනාන්දු. ඇය පැවසුවේ ඇගේ ජිවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ 2017 අයි.ටි.එන් අවුරුදු කුමාරිට ඉදිරිපත් විම හරහා බවයි. එතනින් නොනැවති ඇය ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිටත් අයදුම් පත් යොමු කරනවා. ඒ සියල්ල ඇය කලේ කලාවට ඇති ආසාවම නිසා බව ඇය අපිට පැවසුවා. පවුලේ කලාවට සම්බන්ධ කිසිවෙකුත් නැතුව සදනි කලාවට එකතු වෙන්නේ වෙනස්ම විදිහකට.

මුලින්ම කැමරාව ඉස්සරහට ගිය දවස මතකද? “ඔව් මට අද වගේ මතකයි. හාරකෝටිය රශ්මිගේ චරිතය තමා මට රඟපාන්න සිද්ධ වුනේ. මුලින්ම මේ සියල්ල නුහුරුයි වගේ වුනාට මම ටිකෙන් ටික චරිතයට ආරෝපණය වුනා. ආගන්තුක දෙයක් වුනත් මම සාර්ථකව කැමරාවට මුහුණ දුන්නා. ඒ හැමදේම මට කරන්න පුළුවන් වුනේ මගේ උත්සහය කැපවිම උනන්දුව නිසා. ඊට පස්සේ මට රංගනය ගැන ඉගෙන ගන්න ඕනි වුනා. මොකද මේ කලාවේ ඉස්සරහට යන්න දැනුම කියන දේ අත්‍යවශ්‍ය දෙයක් නිසා. ඒ හැමදේම නිසා අද මම මගේ ගමන හදාගෙන තියෙනවා. දැන් මට හිතෙන්නෙම මම ඉපදිලා තියෙන්නේ කලාවට කියලා.”

කලාව වෘත්තියක් විදිහට කරන්නද ඔබේ බලාපොරොත්තුව? “ඔව් මම ආසයි කලාව ඇතුලේ ජිවත් වෙන්න. හරියට වැඩ කරනවනම් මේ කේෂ්ත්‍රයේ ජිවත් වෙන්න පුළුවන්. මේ රංගන ශිල්පින් අතරේ ලොකු තරඟකාරිත්වයක් තියෙනවා. ඒ නිසාම තමා හරියට මේ ගමන යන්න ඕනි. මම ආසයි ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන චරිතයක් කරලා ඒ හිත්වල රැදෙන චරිතයක් වෙන්න”

රඟපාන ගමන් මෝස්තර නිර්මාණයට සම්බන්ධ වෙනවා කියන කතාව ඇත්තක්ද? “කාලයක් මම මොඩ්ලින් කලා. ඉතින් මම විස්වාස කරනවා මට මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න පුළුවන්. රඟපාන චරිත නෙවෙයි මගේ සැබෑ ජිවිතය. මම ගොඩක් නිහඩ කෙනෙක්. ඇදුමක් ඇන්දත් මම සරල ඇදුම් අදින කෙනෙක්. සරලකම තරම් නිදහසක් තවත් නෑ කියලයි මම විස්වාස කරන්නේ.”

මේ වෙද්දි ඔබ පෙම්වන්තියක්.එහෙම නේද? “ඔව් මම ආදරේ කරන ආදරේ විදින කෙනෙක්. ඒ ආදරේ නිසාම මම සංගිතය කියන දේටත් අද බොහෝ ආදරය කරනවා. මගේ ආදරවන්තයා පියත් රාජපක්ෂ. ඔහු මට මුණ ගැහෙන්නේ කේෂ්ත්‍රයට ආවට පස්සේ. දැන් අපි ඇත්තටම ගොඩක් ආදරෙන් ඉන්නවා. ඒ වගේම මම එයත් එක්ක ගීතයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *