Sat. May 21st, 2022

අපේ කළා ලෝකයේ නොමියෙන මතක රැසක් සනිටුහන් කල අති ධක්ෂ රංගන ශිල්පිනියක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. 1970 වසරේ උපන් යශෝධා මේ වනවිට 51වන වියෙහි පසුවනවා. යශෝධා අධ්‍යාපන හැදෑරුවේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන්. 1990 වසරේදී තිරගත වූ විජය ධර්මසිරි මහතා විසින් අධ්‍යක්ෂණය කල ‘ගුරුගෙදර’ සිනමාපටය හරහා රිදී තිරයට පිවිසුන ඇය එම රංගන උදෙසා 1993 සරසවිය චිත්‍රපට සම්මාන උළෙලදී කුසලතා සම්මානයකටද පාත්‍ර වුනා.

එයට අමතරව ‘බෝනික්කෝ’, ‘සූරිය දරුවෝ’, ‘සෙනෙහෙවන්තයෝ’, ‘හිරු කුමරී’, ‘රැජිණ’, ‘සත්පුරවැසියෝ’ හා ‘විහඟ ගීතය’ වැනි ටෙලිනාට්‍ය සඳහාද ඇය සිය රංගන දායකත්වය ලබාදී තිබුනා. ඒ වගේම පසුගිය කාලයේ යශෝධා වැඩිපුර ජනප්‍රිය වුනේ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍යයේ යශෝධරා චරිතය හරහායි, පසුව ඇය කළා නිර්මාණ හරහා වැඩිය දකින්න ලැබුනේ නෑ.

ඉතින් කාලයක් නිහඬව හිටපු යශෝධා පසුගිය දිනක ඇයගේ සමාජ ජාලා ගිණුමකට අපූරු සටහන් එකතු කරලා තිබුනා ඒ ඇයගේ පියාගේ වියෝව ගැන. ඒ සටහනේ සඳහන් කරලා තිබ්බේ ඇයගේ පියා ඇය ගොඩක් තරුණ වයසේදීම නැති වුනා කියලා. ඒ සටහන තමයි මේ ”Amma and Thaththa they were blessed through out sansara to be together in pure love and as husband and wife. i was not blessed enough thats why i lost my father at a very young age.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *