‘මම ගෙදරදී යුටියුබ් එකෙන් බලාගෙන එක්සයිස් කරනවා’ සිහින කුමාරි කාවින්ද්‍යා කියන කතාව

ලස්සන කියන දේ නිසාම බොහෝ දෙනාගේ ආකර්ෂණය ආදරය දිනාගත් ඇය කාවින්ද්‍යා දුල්ෂානි. අද අපි ලස්සන ගැන කතා කරන්න තෝරගත්තේ ඇයවයි. නිවේදිකාවක් රංගනශිල්පිනියක් වන ඇය කලාවට පිවිසෙන්නේ හරි අහම්බෙන්. එයට හේතුව ඇයට පිහිටි රූමත් බවද ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා, “2015 ස්වාධින රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට මම ඉදිරිපත් වුනා. එහි අවසන් 12 දෙනා අතරට මම තේරි පත් වුනා.

ඒ සමඟම මට රංගනයට ආරාධනා හිමිවෙන්න පටන් ගත්තාමම හිතන්නේ මේ කේෂ්ත්‍රයේ රැදෙන්න ලස්සන කියන දේ විතරක්ම වැඩක් වෙන්නේ නෑ. මොකද දක්ෂතාවය කැපවිම උනන්දුව අනිවාර්යයෙන් තියෙන්න ඕන. මම වුනත් මේ හැමදේම ටිකෙන් ටික ඉගෙන ගෙනයි කලාව තුළ ගමනක් යන්නේ. නැතුව ලස්සන තියෙනවා කියලා හිතාගෙන මේ ගමන යන්නේ නෑ.”

ඔබ සුන්දර නිසාම ආදර යෝජනා බොහොමයි. ඉතින් ඔබේ ලස්සනට කෙනෙක් ආදර කරනවනම්, “ඇත්තටම මට අවුරුදු 15ඉදන් ආදර යෝජනා එනවා. මගේ රූපයට කෙනෙක් ආදරේ කරනවනම් මගේ තත්වයට කෙනෙක් ආදරේ කරනවනම් එතන ඇත්තටම ආදරයක් නෑ. මොකද ආදරය කියන්නේ ආත්මිය බැදිමක්”

ලස්සන වෙන්න ඔබ මොනවද කරන්නේ? “මම හිතන්නේ ගැහැණු ළමයෙක් ලස්සනව ඉන්න අංක එක පිරිසිදුකම. ඒ වගේම ලස්සන කියන දේ පවත්වගෙන යන එක. මම නම් කෑම බිමෙන් පවා පරිස්සම් වෙනවා. නිතරම වතුර බොනවා ශරිරයේ තෙතමනය තියාගන්න. ඒ විතරක් නෙවෙයි දෛනිකව ව්‍යායාම කරනවා. මම යුටියුබ් බලාගෙන ගෙදරදි පවා ව්‍යායාම් කරනවා. හැබැයි ඒ මට ගැළපෙන ඒවා විතරයි.”

සුදු වෙන්න ඔබත් කැමතිද? “සම සුදු කරගන්න ඕනි කියන තැන මම නෑ. මට එහෙම ආසාවක්වත් නෑ. හැබැයි මම අහලා තියෙනවා සම සුදු කරගන්න ගියහම අතුරු ප්‍රතිඵල එනවා කියලා. මම නම් ගොඩක්ම බාවිතා කරන්නේ ස්බාවික දේවල්. කෘතීම දේවල් බාවිතා කරනවා ගොඩක්ම අඩුයි”

කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා ඔබ හිතනවද? “ඔව් අපි කාට වුනත් ලස්සන කියන දේ වැදගත්. ගැහැනු පිරිමි කියලා නෑ ඒකට. හැබැයි කෙනෙකුගේ බාහිර පෙනුම වගේම හදවතත් ලස්සන වෙන්න ඕනි. එතකොටයි ලස්සන කියන දේ රදා පවතින්නේ. කොහොමත් අද කාලේ මිනිස්සු මනින්නේ පෙනුමෙන් ඉතින් ගැහැණු පිරිමි බේදයක් නැතුව සුන්දරත්වය ගැන හිතන්න වෙනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *