‘මම ගුරුවරයෙක් කියලා ගොඩක් අය දන්නේ නෑ’ ජනප්‍රිය නළු ධර්මප්‍රිය ඩයස් කියන කතාව

ධර්මප්‍රිය ඩයස් කියන්නේ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පියෙක්. කාගේත් හිත් වල රැදෙන මේ සොදුරු කලාකරුවා ගැන කතා කරන්නයි මේ සූදානම. සිනමාට අඩු දායකත්වයක් ලැබෙන මොහුගෙන් පුංචි තිරයට ලැබෙන දායකත්වයනම් අඩුවක් නැත. කිසිම ⁣දිනෙක නළුවෙක් ⁣වෙන්න නොහිතපු ධර්මප්‍රිය ඩයස් අධ්‍යක්ෂකවරයෙක් වෙන්නද බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මොහු නිරන්තරයෙන් ප්‍රේක්ෂකයා දකින්න පුරුදු වුනේ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය හරහා. ඒ නිසාම අපි හිතුවා ඒ ටෙලිනාට්‍යයෙන් කතාව ආරම්භ කරන්න. හොද නරක ප්‍රතිචාර කොහොමද ඔබට ලැබෙන්නේ, “මෙහෙමයි ඕනිම නිර්මාණයක හොද නරක කියන දෙකක් තියෙනවා. ඕනම දෙයක් දිගින් දිගටම එක විදිහට කරද්දි කාටවුනත් ඒ දේ එපා වෙනවා. සමහරු අලුතෙන් එනවා. මේවගේ තමා දෙවනි ඉනිමත්. ඒකට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒකට අකමැති ප්‍රෙක්ෂක පිරිසකුත් ඉන්නවා. හැබැයි ගොඩක් දෙනා වැළදගත්ත ටෙලිනාට්‍ය තමා මේක. දෙවනි ඉනිම ආරම්භයේ ගොඩක් අය මේ ටෙලිනාට්‍ය හැර ගියා. හැබැයි මට එහෙම යන්න හේතුවක් නෑ. මටත් එහෙම යන්ක සිද්ධ වුනොත් මමත් කතාවෙන් අයින් වෙනවා. අපේ ජිවිත ගමනත් එහෙමයි.”

වෘත්තියෙන් ඔබ ගුරුවරයෙක් නේද? “ගොඩක් අය දන්නේ නෑ මම ගුරුවරයෙක් කියලා. මම උගන්වන්නේ චිත්‍ර කලාව. මගේ පත්විම් පවා ලැ⁣බුනේ චිත්‍ර කලාවට. ගොඩක් අය අහනවා ඇයි මම රංගනකලාව උගන්වන්නෙ නැත්තේ ඇයි කියලා. ඇත්තම කතාව මට රංගනය තව කෙනෙක්ට උගන්වන්න අමාරුයි. මම හිතන්නේ මේක විශාල පරාසයක විෂයක්. අපිට ඒ දේ හරියට කරන්න දැනුමක් තියෙන්න ඕනි. මාස තුනේ හයේ කෝස් වලින් රංගන ශිල්පින් බිහි කරන්න බෑ කියලයි මම හිතන්නේ”

ඒ කියන්නේ ඔබ වර්තමාන ක්‍රමවේදය ගැන තෘප්තිමත් නැද්ද? “අද විශ්ව විද්‍යාල වලත් නාට්‍ය හා රංග කලාව උගන්වනවා. ඒ තැන් වලිද හරියට උගන්වන අය ඉන්නම ඕන. අනික රංගනය උගන්වද්දි අභ්‍යාස කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. මෑත කාලන අයගෙන් සේ දේවල් සිද්ධ වෙනවද කියන්න මමනම් දන්නේ නෑ. කොහොම වුනත් අපේ කළා ලෝකයේ ගොඩක් දක්ෂ නවක රංගන ශිල්පිනියන් වගේම නවක රංගන ශිල්පියන් රැසක් ඉන්නවා. ඒ අයට මම හදවතින්ම සුබ පතනවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *