පහුගිය කාලේ කාලේ ඔහු ගැන බොහෝදෙනා කතා කරන්න වුණා. ඔහුගේ හැකියාව ගැන කතා කරන්නට වුණා. හිරු මෙගා ස්ටාර් හරහා ජනතාවගේ ආදරය දිනාගත්ත ඔහු ලලිත් පැරකුම්. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඔහුගේ ජීවිතය ගැන කතා කරන්න. ලලිත් කුඩා කාලයේ ඉඳලම නර්තන ශිල්පියෙක් වෙන්න හීන දැක්ක කෙනෙක්ද, ”එහෙම නැහැ. පුංචි කාලේ නර්තන ශිල්පියෙක් වෙන්න හිතුවේ නැහැ. කෙටියෙන්ම මට මම ලොකු වෙලා මොනවද කරන්නේ කියලා වත් හිතුනේ නැහැ. එහෙම හීන දකින්න මම බය වුනා.ගේ පවුලෙ තිබුණ ආර්ථික දුෂ්කරතා නිසාම හීනෙ කියන දේවල් බලාපොරොත්තු වෙන්න හිතුණේ නැහැ. කාලයක් නම් පවුලේ ආර්ථික තත්ත්වය එක්ක කමාන්ඩෝ කෙනෙක් වෙන්න ආස හිතුනා. හැබැයි කාලයත් එක්ක ඒ ආසාවක් නැති වෙලා ගියා. මගේ එකම බලාපොරොත්තුව වුනේ කුසගින්න නිවා ගන්න එදාවේල හම්බ කරගන්න එක විතරයි. නර්තන ශිල්පියෙක් වෙන්න හිතුවේ නෑ.”
ලලිත් මුලින්ම කරපු රැකියාව ගැන කතා කළොත්, ”මම මුලින්ම කලේ නුගේගොඩ පේමන්ට් එකේ කපුරු බෝල විකුණපු එක. එතකොට මට වයස අවුරුදු හයයි. ඉස්සර අපිට හොඳට සල්ලි තිබ්බා. හැබැයි කාලයත් එක්ක තාත්තා බීමට ඇබ්බැහි වුණ නිසා අපිට සල්ලි නැතිවුනා. ඉතින් අපිට එදා එදාවේල වත් හම්බ කරගන්න බැරි තරමට අපි අසරණ වුණා. ඒ නිසාමයි මම නුගේගොඩ පේමන්ට් එක කපුරු බෝල විකුනන්න පටන් ගත්තේ. මට අද වගේ මතකයි මම නුගේගොඩ පේමන්ට් එකේ කපුරු බෝල විකුනපු හැටි. කපුරු බෝල විතරක් නෙමෙයි මම හැදි ටියුලිප් බෑග් වගේ දේවලුත් විකුණුවා. තව සෙල්ලම් බඩුත් විකුණුවා.”
ලලිත් විලාසිතාවට නැඹුරු වුණේ කොහොමද කියලා මතක් කලොත්, ”මම සල්ලි හම්බ කළා. මම මගේ මුළු පවුලම ගොඩ දැම්මා. පුංචි කාලේ මම දැකපු කාර් වල යන අය ෆැෂන් කරන අය මට මතක් වෙන්න පටන් ගත්තා. හැමදේම මට ලැබෙද්දි මම හිතන්න ගත්තා, මට ලස්සනට ඉන්න බැරි කියලා ඇයි කියලා. ඉතින් ඒ සිතුවිල්ල එක්ක මම අලුත් අලුත් දේවල් කරන්න පටන් ගත්තා. මම විවිධ රටවල ඇවිදින්න හිතාගත්තා. අද මම සාප්පුවකට ගිහින් බිල බලන්නේ නැතුව මම ආස ඇඳුම ගන්න තැනට ඇවිල්ලා තියෙනවා. කෑම කන කොටත් මම කිසිම වෙලාවක දැන් ගාන ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ .
ලඟදි ඉතාලි යන බලාපොරොත්තුවෙන් ඉන්නවා නේද ඔබ, ”ඇත්තටම ඔව් ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. මට ලැබුණ බිරිඳ හරිම හොඳ කෙනෙක්. මගේ ජීවිතේ ලොකුම ශක්තිය මගේ බිරිඳ .එයා ජීවත් වෙන්නේ ඉතාලියේ. මාව හොඳට තේරුම් ගත්ත කෙනෙක් තමයි එයා. කිසිම වෙලාවක මට නීති රීති දාලා නැහැ. මට කවදාවත් මුල අමතක වෙන්නේ නැහැ. එයා තමයි මගේ ජීවිතේ මාව නැගිට්ටවන්න ලොකු හයියක් දුන්න කෙනා. මම කරන හැම වැඩකම පිටිපස්සෙන් ඉඳන් මට හයියක් වෙන්නේ එයා.”