‘මම කෑල්ලක් දාගත්තේ හත වසරේදී’ ජනප්‍රිය නළු යශ් කියන කතාව

සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ කියන්නේ රංගනය අතින් දක්ෂ රංගන ශිල්පියෙක්. පවුලේ දෙවනියා විදිහට ඉපදෙන යෂ්මින්ගේ ජිවිතය ගැන කතා කරන්නයි අද අප සුදානම් වෙන්නේ. යෂ් පොඩි කාලේ ඉදන් හිතුවද නළුවෙක් වෙන්න ඕනි කියලා. “ඔව් මම දන්න කියන කාලේ ඉදන්ම ආස කලේ ටිවි එකේ රඟපාන්න. නළුවෙක් වෙන්න. හැබැයි පවුලක වටපිටාව ඒකට බලපානවා කියලා මට හිතුනේ මගේ ලොකු අම්මලාගේ ආභාෂය වුනත් මට තිබුන නිසා. හැබැයි සමහර කාල තිබුනා මම කවුද වෙන්න කැමති ඇහුවහම ඉංජිනේරුවෙක් ⁣වෙන්න කැමති කියපු. ඔය හින දෙක අතරේම මම ජිවත් වුන කෙනෙක්.”

ඔබේ ජිවිතේ හැරවුම කොතනද? “මම නළුවෙක් වෙන්න සෑහෙන කට්ටක් කාපු කෙනෙක්. පොඩි පොඩි චරිත කලා මුලින්. 2015 තමා මම මුලින්ම ස්ක්‍රින් ටෙස්ට් එකකට ගියේ. මගේ ජිවිතේ වෙනස් වුන ටෙලිනාට්‍ය තමා ස්වර්වාහිනි නාලිකාවේ විකාශය වුන වෙස් ටෙලිනාට්‍යය. ඒකෙන් ටික ටික අය මාව අදුරගත්තා. ඊට පස්සේ මම රාවණා ටෙලිනාට්‍යයට සම්බන්ධ වුනා. ඉතින් එතනින්න මම හිතුවට වඩා පන්නරයක් ලැබුනා.”

ප්‍රථම ප්‍රේමය ගැන කතා කලොත්, “මට මුලින්ම කෙල්ලෙක් ගැනහිතුනේ හතර වසරේදි. ඒක ආදරයද කියන්න මම දන්නේ නෑ. හැබැයි මම එයා ලග ඉන්න හරි ආසයි. කාලයත් එක්ක ඒ හැගිම නතර වෙලා ආයේ ඒ වගේ හැගිමක් දැනුනේ මට නවය වසරේදි. ඒකත් දහය වසරේදි අවසන් වුනා. ඒක⁣ට හේතුව අපේ සම්බන්ධය ඒ ගෑණු ළමයගේ ගෙදරින් දැනගෙන පන්තිභාර ගුරුතුමියට ඇවිත් කිව නිසා.”

අද වෙද්දි ආදරවන්තයෙක්ද? “නෑ මම දැන් තනිකඩයෙක්. මම ගෑණු ළමයි තුන්දෙනෙක්ට ආදරේ කරලා තියෙනවා. ඒකේ තුන්වෙනි ආදරය තමා මගේ හිතට දැනුනම ආදරේ. ඒ ආදරේ මාරම විදිහට මට හිතට දැනුනා. හැබැයි දැන්නම් මම පෙම්වන්තයෙක් නෙවෙයි.”

අනාගත බලාපොරොත්තු මොනවද, “මට මගේම කියලා ගෙදරක් හදන්න ඕනි. ඒ වගේම මගේම කියලා ලොකු ස්ටුඩියෝ එකක් මට ඕන. ඒවා තමා බලාපොරොත්තු ඉතින් මට තියෙන. ඊට අමතර පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා එච්චරයි”

Leave a comment

Your email address will not be published. Required fields are marked *