Sat. May 21st, 2022

දසුන් පතිරණ කියන්නේ මෙරට දක්ෂ රංගන ශිල්පියෙක්. යොවුන් පරපුරට අයත් ඔහු ජනතාව අතර බොහෝ ජනප්‍රිය චරිතයක් වෙන්නේ සාර්ථක නළුවෙක් විදිහට. ඉතින් අද අපි සූදානම් වෙන්නේ ඔහු ගැන කතා කරන්න. ඔබ පාසල් කාලේ ඉඳන්ම කලාව කියන දේට ආස කෙනෙක් ද, මම පොත පතේ වැඩ වලට දක්ෂ නැති වුණාට කලාව කියන දෙයට පාසල් කාලේ ඉඳන්ම දක්ෂ කෙනෙක්. මම හැමදේටම මුල් වෙන කෙනෙක්. ඒ කාලේ මට ගොඩක් අය ආමන්ත්‍රණය කලේ කොටා කියලා. මොකද මම කොට නිසා. කොහොම වුණත් පාසලේ ජනප්‍රිය චරිතයක් තමයි මම. කලාවට වගේම වලි වලටත් පෙරමුණ ගත්ත චරිතයක් තමයි මම.

පාසල් කාලයේ ආදර කතා ගැන මතක් කලොත්, ”මම ජීවිතේ මුලින්ම ලව් එකක් පටන් ගත්තේ තුන වසරෙදි. පාසල් කාලයේ මගේ සම්බන්ධතා කිහිපයක්ම තිබුණා.ඒ කාලේ හොරෙන් බීච් පවා යනවා. කොහොම වුණත් පාසල් කාලේ මගේ ලව් තිබුනේ උපරිම මාස පහ හයයි. පාසල් යන කාලේ මගේ ලව් එකකට මට ලැබුණු ගිෆ්ට් එකක් හොඳට මතකයි. එයා මට දුන්නේ පෑනක්. හැබැයි මම එදා එයා එක්ක තරහ වුණා මට චොක්ලට් එකක්වත් දුන්නේ නැහැ කියලා. ඔය විදිහට තමයි මගේ ආදර කතා ගලාගෙන ගියේ.”

ඔබට ලස්සන සුන්දර පාසල් කාලයක් තිබිල තියෙනවා නේද, ”ඔව් මට ලස්සන පාසල් කාලයක් තිබිලා තියෙනවා. ඉස්කෝලේ යනවා කියලා ඉස්කෝලේ කට් කරපු අවස්ථාද නැතුවම නෙවෙයි. ඒ දවස් වල ගෙදර අය හිතන් ඉන්නේ අපි ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගන්නවා කියලා. ඉස්කෝලේ යනවා කියලා ගත්ත ආතල් වෙනම ආතල් එකක්. මම හිතන්නේ කොල්ලෙක් වුනාම ඒ වගේ දේවල් කරන්නත් ඕනේ. වෙන දෙයක් තියා මම තවම ඉස්කෝලෙන් අස්විම් සහතිකයවත් අරගෙන නැහැ. මම අවුරුදු 20-22 වගේ වෙද්දී අස්විම ගන්න ඉස්කෝලෙට ගියත් එදා මාව ඉස්කෝලෙන් එළියට දැම්මා. මොකද මගේ රැවුල කොන්ඩේ නිසා. හැබැයි එදා අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති මාව පාසලෙන් එලව්වේ නැත්නම් මම ජොබ් එකක් කරන්න තිබුනා. කොහොම වුනත් මේ ලඟදි මාව පාසලට ගෙනල්ලා ලොකු ඇදහීමක් කළා. මට සම්මානයකුත් දුන්නා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *