Tue. May 17th, 2022

ගිනි මල් පොකුරු චිත්‍රපටය කියන්නේ පහුගිය කාලය තුළ බොහෝ දෙනකු ආන්දෝලාත්මක ආන්දෝලාත්මක ප්‍රකාශය ඉදිරිපත් කරපු චිත්‍රපටයක්. මෙය බොහෝ දෙනෙක් අතර කතාවට ලක්වුයේ මෙය වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටයක් නිසා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සමග. ඇයි සුන්දර සරාගී නිළියක්. නමින් චුලක්ෂි රණතුංග. ඇය මෙරට තුළ වඩාත් ප්‍රසිද්ධ වූයේ නිරූපිකාවක් විදිහට.

ඔබ අඩ නිරුවත් චරිතයකට සම්බන්ධ වුණේ ඇයි, ”මම රූපන කියන කලාව තුළ වෘත්තිමය රංගන ශිල්පිනියක් විදිහට කරන්නෙ රඟපාන එක. වැඩිහිටියන්ට පමණක් වෙන්වුන චරිත කලාව තුළ ද නිතරම කරන්නේ ප්‍රායෝගික දේවල්. හැබැයි බොහෝ දෙනෙක් වැඩිහිටියන්ට පමණයි නිර්මාණ වලදී යම් යම් සීමා දාගන්න. අපි පිටපතක් අතට ගද්දිම දැනගන්නවා අපිට ඒ චරිත රඟපාන්න සිද්ධ වෙනවා කියන්න. ගිනි මල් පොකුරු කියන්නෙත් වැඩිහිටියන්ට පමණක් සීමා වුන චිත්‍රපටියක්. මම එහෙම දේවල් දැනගෙන තමයි රංගනයට සම්බන්ධ වුණේ. කොරෝනා කාලයේ ගෙදරට කොටු වුණ කාලයේදි ගොඩක් නිර්මාණ ප්‍රේක්ෂකයන් හමුවට ගේන්න බැරි වුණා මම හිතනවා මේක හොඳ නිර්මාණයක් වෙයි කියලා දැන් කාලේට.”

ආදරේ ගැන කතා කළොත්, ”මම ආදරය ප්‍රකාශ කරලා තියෙනවා ආදරේ ලබලත් තියෙනවා. හැබැයි මගේ දැන් ජීවිතයේ එහෙම දේවල් නෑ. අපි ස්වාමිපුරුෂයාගෙන් ගැහැනියක් බලාපොරොත්තු වෙන්නේ ආදරය රැකවරණය සෙනෙහස හැමදේම. ඒ දේවල් ලැබුණට පස්සේ තමයි අනිත් දේවල් බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම දෙන්නෙක් එකතු වෙන්න ඕනේ විස්වාස කියන දේ මත. විශ්වාස නැතුව කෙනෙකුට ළං වෙන්න බැහැනේ. ආදරය විශ්වාසය රැකවරණය කියන කරුණු තුනම තියෙන කෙනෙක් මට තවම හමුවෙලා නැහැ. අද ආදරේ කියන්නේ රාගය කියලයි ගොඩක් අය හිතන්නේ. මම හිතනවා මගේ ජීවිතයට මාව විශ්වාස කරන කෙනෙක් කවදාහරි හම්බ වෙයි කියලා.”

සිංහල සිනමාවේ සරාගී නිළිය ලෙස ඔබව හැඳින්වුවහොත්, ”සරාගී බව කියන්නේ ආදරය. ඒ දේට මම අකමැති නෑ ඒ නිසා. සරාගිකම කියන දේ ඇතුළේ දක්ෂතාවය කියන දේ තියෙන්න ඕන. දක්ෂතාවය නැති සාරාගිත්වයක් මට අවශ්‍ය නැහැ. මම හිතන්නේ සරාගිකම දක්ෂතාවය හැමදේම තීරණය කරන්න අයිතිය තියෙන්නෙ ප්‍රේක්ෂකයාට. කොහොම වුණත් මම කැමැතියි මම දක්ෂ සරාගී නිළියක් වෙනවට.”

ඔබ විලාසිතා කරන්නේ මොන හේතුවකට ද, ”මම විලාසිතා කරන්නේ තැනට ගැළපෙන විදිහට. මට හොඳ ගැලපෙන ඇඳුමක් මම එතනට ඇදගෙන යනවා. මම මුලින්ම කරන්නේ ඇඳුමකින් මාව පිනවන එක. මොකද ඇඳුමකින් අනිත් අය පිනවන්න කලින් තමන් පිනවන්න ඕන. ඇඳුමක් ඇන්දහම මට ඒක ලස්සනයි කියල දැනෙන්න ඕන. ඒක අනිත් අයට කොහොම දැනෙනවද කියන එක මට ප්‍රශ්නයක් නැහැ. අපි තැනට ගැලපෙන්න ඇඳුමක් ඇඳගෙන ගියහම ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *