මම කාටවත් යූස් වෙච්ච කෙනෙක් නෙවෙයි, කවුරුවත් මාව යූස් කරලා නෑ – ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායක

කාලයක් අපේ කළා ලෝකයේ ඉහලින්ම හිටිය රංගන ශිල්පිනියක් තමයි රුවන්ගි රත්නායක කියන්නේ, කාලයක් පුංචි තිරයේ නිතරම පේන්න හිටපු රුවන්ගි දැන් නම් වැඩිය පේන්න නෑ, ඉතින් අපි තීරණය කළා ඔයාලා හැමෝගෙම ආදරේ කරන රුවන්ගි එක්ක ටිකක් කතා කරන්න, රුවන්ගි විවාහය එක්ක රංගනයෙන් ඈත් වුනා නේද..? ”මෙහෙමනේ පවුලක් වුනාට පස්සේ පවුල් ජීවිතයට මුල් තැන දෙන්න ඕන, අනික දැන් ඉස්සර වගේ නෙවෙයි, පහුගිය කාලයේ හොඳ චරිත ලැබුනේ නෑ, හොඳ චරිතයකට ආරාධනාවක් ආවොත් විතරක් බාරගන්නවා කියලා හිතාගෙන ඉන්නේ, මොකද නිකන් තේරුමක් නැති නිර්මාණ වලට කාර්යබහුල වෙන්න මම කැමති නෑ”

විවාහයෙන් පස්සේ සමාජ මාධ්‍යවලින් එල්ලවුන විවිද කතා නිසා රුවන්ගිට ආස විලාසිතාවක්වත් කරන්න බැරි වුනා නේද..? ”අනේ මම නම් ඒවා ගැන නිකන්වත් ගණන්ගත්තෙ නෑ, කවුරු මොනවා කිවුවත් මම කැමති ඇඳුම් මම අඳිනවා, මට ගැලපෙන විලාසිතා විතරයි මම කරන්නේ ඉතින් එකේ වරදක් මම දකින්නේ නෑ, මගේ සැමියා වුනත් කැමතියි මම ලස්සනට අන්දලා පැළඳලා ඉන්නවට, එයා මට කවදාවත් නීති දාලා නෑ, ඉතින් සැමියාට නැති ප්‍රශ්නයක් වෙන වෙන අයට තියෙන්න විදියක් නෑ නේ”

ඔබ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ඉතින් ඒ චරිතය මේන්ටේන් කරන්නේ කොහොමද ගෘහනනියක් විදියට ”මෙහෙමයි අපේ ගෙදර වැඩ කරන්න සේවකයෙක් ඉන්නවා, එයා කරන්නේ ගේ අස්පස් කරන එක, මම නිලියක් නිසා වැඩකාරයෙක් තියාගෙන ඉන්නවා නෙවෙයි, මගේ පහසුවට ඉන්නේ, අමුතුවෙන් මේන්ටේන් කරන්න ජීවිතයක් මට නැහැ, මම කොහොමත් සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්, ගෙදර උයන්නේ මම, මොකද හස්බන්ඩ් කැමති මම හදන කෑම කන්න”

විවාහ වෙන්න කලින් හෝ දැන් ඔබගේ ජනප්‍රියත්වය කවුරු හරි අනිසි විදියට භාවිතා කරලා තියෙනවද..? ”මම කාටවත් යූස් වෙච්ච කෙනෙක් නෙවෙයි, කවුරුවත් මාව යූස් කරනවා කියලා මට දැනිලා නෑ, කවුරුවත් මාව යූස් කරලා නෑ, ආදරේ ඉල්ලපු අය ඕන තරම් ඉන්නවා, හැබැයි ඒ ආදරය ලැබුනේ මගේ ජනප්‍රියත්වය නිසාද කියලා ඇත්තටම මම දන්නේ නෑ, හැබැයි දැන්නම් කවුරුවත් පස්සෙන් එන්නේ නෑ ආදරේ ඉල්ලගෙන, ඇත්තටම ඒකනම් ලොකු නිදහසක්”

විවාහ වුනාට පස්සේ ඉතින් පවුලක ආදරේ වැඩි වෙන්න ටිකක් රණ්ඩු වෙන්න ඕන කියලා කතාවක් තියෙනවා නේ, ඉතින් කියන්නකෝ බලන්න ඒ ගැන පොඩි විස්තරයක් ”අම්මෝ ඒකනම් අඩුවක් නැතුව තියෙනවා, අපි ඉතින් කොච්චර රණ්ඩු වුනත් මම නම් සෝඩා බෝතලේ කැඩුවා වගේ ඉකනට තරහා යනවා ඒ වගේම ඉක්මට තරහා නිවෙනවා, ටික වෙලාවක් ගියාම රණ්ඩු උනාද කියලත් මතක නෑ, ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි හරිම සුන්දර ජීවිතයක් තමයි අපිදෙන්නා ගතකරන්නේ”

Related Posts