‘මම කවදාවත් විවාහ වෙන්නේ නෑ’ උමාලි සාරංග වෙන්වීමට මැදිවුන දනුක දැන් කියන කතාව

ධනුක දිල්ෂාන් කියන්නේ ලාංකීය පුංචි තිරය තුළ කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පියෙක්. මේ දින වල ඔහු වැඩිපුර දකින්න ලැබෙන්නෙ පියාඹන මූනිස්සම් ටෙලි නාට්‍ය හරහා. නළුවෙක් විදිහට මේ තාක් දුර ඔබ ඔබේ නළුකම තබා ගත්තේ කොහොමද. මම හිතන්නේ නළුවෙක් වුනහම හිතන්න හොඳ නැහැ තමන්ගේ ජනප්‍රියත්වය දිගටම පවත්වාගෙන යන්න ඕන කියලා. මොකද ඒක රැක ගන්නවා කියන්නේ නළුකමට තියෙන බයක් වගේ. රංගනය විතරක් නෙමේ අපි හැමදේම ඉගෙන ගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕන. මේ ලෝකෙ ජීවත් වෙන හැම පුද්ගලයෙක්ම එක් චරිතයක්. වෙනසකට තියෙන්නේ රඟ නොපාන එක. මම හිතන්නේ හැදෑරීමක් තියෙනවා නම් තමන්ගේ පැවැත්ම ඉබේම සිද්ධ වෙනවා.

තණමල්විල කොල්ලෙක් හරහා ඔබ වඩාත් ජනප්‍රිය වුණා නේද, මම කිසිම වෙලාවක කිසිම කෙනෙකුගෙන් අහන්නේ නෑ මගේ රඟපෑම ගැන. නළුවෙක් කියන තැන ඉඳල පාරවත් බැහැලා යන්න මම බයයි. වෙලාවට මට හිතෙන්නෙ ජනප්‍රියත්වය කියන්නේ නෑ නෑ කරදරයක් වදයක් කියලා. මොකද දකින දකින හැමෝම කතා කරනවා. මම හිතනවා මට ලැබුන ප්‍රතිචාර එක්ක ඒ කාලේ විකාශය වුන තණමල්විල කොල්ලෙක් ජනප්‍රිය වුණා කියලා. ඇත්තටම ලංකාව තුළ බිහි විය යුත්තේ ඒ වගේ ටෙලි නාට්‍ය.කටක් ඇරලා අපිට වුණත් කෙනෙක්ට ඒ නාට්‍ය බලන්න කියලා කියන්න පුළුවන් විදියට, නිර්මාණ බිහි විය යුත්තේ රසවින්දනය උදෙසා.

ඔබ මේ වන විට ආදරවන්තයෙක්ද, ”දැන් අවුරුදු පහක ඉඳන් මම තනිකඩයෙක්. මම ආදරේ කියන දේ දකින්නේ අවංක හැඟීමක් විදිහට. අවංක ආදරයක් විදියට මම දකින්නේ බුදුහාමුදුරුවන්ගේ ආදරේ විතරයි. මොකද ඒ ආදරේ දෙමාපියන්ට වෙනම දරුවන්ට වෙනම සහෝදර සහෝදරියන්ට වෙනම ඇතිවෙන්නේ නැහැ. මම අරයට වඩා මෙයාට ආදරෙයි කියලා ආදරයක් බෙදාගන්න අපි කාටවත් බැහැ. මම මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක්. සමහරවිට මම මුළු ජීවිත කාලේම තනිකඩයෙක් විදිහට ජීවත් වෙයි.”

ඔබේ යම පාවිච්චි කරලා මුදල් ජාවාරමක සිද්ධ වුණා නේද, ”ඔව් පුද්ගලයෙක් ජනප්‍රිය වෙන්න වෙන්න විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දවසක් මම කාමරේ ඉද්දී අම්මා ඇවිත් කිව්වා කෙනෙක් මාව හොයාගෙන ඇවිත් කියලා. මම ඇවිත් බලද්දී ඇවිත් හිටියේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. එයාලගේ කතාව අහද්දි තමයි මම තේරුම් ගත්තෙ මගේ නම පාවිච්චි කරලා ලක්ෂ 12ක් එයාලගෙන් පුද්ගලයෙක් අරගෙන තියෙනවා කියලා. පස්සේ මම අපේ තාත්තත් එක්කම ඒ දෙන්නව යැව්වා පොලිසියේ පැමිණිල්ලක් දාන්න.”

කාලයක් ඔබ ගැන කට තාවක් පැතිරුනා නේද පවුලක් කඩලා පවුල් කන්න හදනවා කියලා ඇත්තටම මොකද්ද එතන උනේ. ”මෙහෙමයි ඒ කිසිම කතාවක් ඇත්ත නෙවෙයි. ඒ වගේ කටකතාවක් හැදුනේ කොහොමද කියලවත් මට හිතාගන්න බෑ.කොහොම වුනත් ඒවගේ හරි වැරැද්ද පෙන්නලා දෙන්න මට ඕන වුනේ නෑ. දැන් ඒ දෙන්නා වෙන්වෙලා. මට එකත් අදාළ නෑ. ඔය කතාවට මුල් වුනේ ලේනේක්ගේ ප්‍රශ්නයක් මම ලේන්නු හදන්නේ 6වසරේ ඉඳලා. මේ වෙද්දී මම ලේන්නු 60ක් විතර ඇතිකරලා තියෙනවා. ඒ වගේම මගෙන් ලේනෙක් ඉල්ලුවම මම දෙනවා. ඒ දුන්න ලේනෙක් අල්ලාගෙන තමයි මේ ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නේ මට ඉතින් ඒවාට කරන්න දෙයක් නෑ

Leave a comment

Your email address will not be published. Required fields are marked *