‘මම කන්න ආසම කෑම හතු’ ජනප්‍රිය නිලි කස්තුරි කියන කතාව

මෑත කාලයේ ජනප්‍රිය වුන ඇය දක්ෂ සුරූපි නවක රංගන ශිල්පිනියන්. නිල ලබළු ටෙලි නාට්‍ය හා හරහා ජනප්‍රිය වු ඇය නමින් කස්තුරි නිල්කා අශෝකා ජයවර්ධන. ඇය නිල පබළු ටෙලිනාට්‍ය නිසාම කාර්යබහුල වෙද්දි ඇය ආසම මේ දිනවල වැඩිපුර නිදාගන්න බවයි ඇය පැවසුවේ. ඇය ළමා කාලයට ආස නිසාම අපි ඇගේ ළමා කාලය ගැන කතා කරන්න හිතුවා, “වගකිමක් නැති ඒ ළදරු කාලයට මම ඇත්තටම ආසයි. ඒ කාලේ ඇත්තටම අපේ ජිවිත සුන්දරව ගෙවුනා. ජිවිතේ බරපතල කමක් දැනුනේ නෑ. ඉතින් ඇත්තටම මට ආපහු යන්න පුළුවන්නම් මම යනන ආස කාලේමගේ ළමා කාලය.”

කස්තුරි ඒ කාලේ ආස කරන සෙල්ලම, “අපේ ළමා කාලයනම් හරි සුන්දරයි. මොකද අපි ඇති තරම් සෙල්ලම් කළා. සෙල්ලම් ගෙවල් දැම්මා. හැංගි මුත්තම් කලා. අපි ගස් උඩපවා හැංගුනා. මොකද ගම කියන්නේ ඒ තරම් සුන්දර තැනක්. ඒත් අද ඒ ළමා කාලය ඇත්තටම දකින්න නෑ.”

කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක් කස්තුරි කන්න ආස එක කෑමක් තියෙනවා නේද? “මම නිර්මාංශික කෙනෙක්. ඒ නිසාම මම හතු කියන කෑමට ගොඩක් ආසයි. මට කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමත් තමා හතු කියන්නේ. ඒක මගේ යාළුවොත් දන්නවා. මට ඕනි තරම් හතු කන්න පුළුවන්.ඒ තරම් හතු වලට ආසාවක් වගේම බැදිමක් මට තියෙන්නේ.”

ඔබ කාට හරි තෑග්ගක් දුන්නොත් දෙන්නේ මොන වගේ තෑග්ගක්ද? “මම තෑග්ගක් දුන්නොත් දෙන්නේ ඒ කෙනාට වටින වැදගත් විතරයි.හැබැයි තෑග්ග දෙන කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.ලස්සන කියන දේට වඩා මම කැමති කෙනෙක්ට ප්‍රයෝජන දෙයක් දෙන්න.⁣තෑග්ගක් දෙන්න ඉන්න කෙනා ආස දෙයක් කලින් දැනගත්තොත් මම ඒ දේ එයාට දෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *