‘මම ඕන සිදුහත් යශෝදරා වගේ ආදරයක්’ ජනප්‍රිය නිලි ගයාත්‍රී කියන කතාව

නව මුහුණුවරකින් කලාවට එන ඇයව දකින්න ලැබෙන්නේ මේ දිනවල විකාශය වෙන සකුගේ ලෝකය හරහා. ඒ දැහැමිගේ චරිතය හරහා. ඒත් ඇගේ නම ගයාත්‍රි රාසින්ගොල්ල. ඉතින් අද අපි සුදානම් වෙන්නේ නවක රංගන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසි ඇය හා කතා කරන්න. ඇ⁣ගේ උපන් ගම නුවර අවුරුදු අට පිරෙද්දි ඇය දෙමාපියන් හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යනවා. ඉන්පසු ඇය හැදි වැඩෙන්නේ ඒ රටතුළ. ඇය ගිය වසරේ ලංකාවට එන්නේ උපාධියක් පවා ලබා ගනිමින්.

ඉතින් ඒ ආව ගමනේ ඇය දිගටම ලංකාවේ නතර වෙන්න බලාපොරොත්තු වෙන බවයි අප හා පවසා සිටියේ. ඇත්තටම ගයත්‍රි රංගනයට එන්නේ කුඩා කාලයේ සිට පැවති හිතේ ආසාවටද යන්න අපි ඇයගෙන් ඇසුවා. “මම පොඩි කාලේ ඉදන් කොහොමත් නිර්මාණශිලි දේවල් වලට කැමතියි. පාසලේ, විශ්ව විද්‍යාලයේ මම නර්ථනයට සංගිතයට ක්‍රිඩාවට හැමදේටම සම්බන්ධ වුනා. ඒත් කාලයක් ඒ දේවල් වලට මට සම්බන්ධ වෙන්න බැරි වුනා. ඒ නිසාම මම හිතුවා ලංකාවට ආවට පස්සේ අනිවාර්යයෙන් මම රංගනයට සම්බන්ධ වෙනවා කියලා.”

ඔබ ආදරය ගැන කතා කලොත්, “ආදරයට ගැන මට තියෙන්නේ වෙනස්ම හැගිමක්. ඇත්තටම දැන් ගොඩක් අය කරන්නේ ආදරය කියලා අයිති කරගන්න එක. මම කැමති නෑ එහෙම ආදරයකට. මම කැමති සිද්ධාර්ථ යශෝදරා වගේ ආදරයකට. ඒත් අද කාලේ එහෙම ආදර කතා අඩුයි. ඒ නිසාම මම දැනට පෙම්වන්තියක් නෙවෙයි. මම තනියම ඉන්නවා. ඒ ගැන මට තියෙන්නේ සතුටක්”

ඔබට ගෙදරින් ලැබෙන්නෙ කොයි වගේ සහයෝගයක්ද? “පොඩි කාලේ ඉදන්ම අම්මා අප්පච්චි මට යන්න ඕනි හරි පාර පෙන්නලා දුන්නා. ඒ කියපු පාරේ ගියපු නිසාම මට අද වෙනකන් වැරැද්දක් වෙලා නෑ. මම මේ හැමදේම කරන්නේ ලොකු අවබෝධයකින්. ඉතින් ඒ නිසාම මට දෙමාපියන්ගෙන් කිසිම විරුද්ධත්වයක් නෑ. එයාලා මට මගේ ගමන යන්න උපරිම සහයෝගය දෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *