මම ඔයාට ගොඩක් ආදරෙයි තාත්තියි – විජය නන්දසිරිගේ පුත් ශ්‍රී ලංකා ගුවන් සේවයට

අපේ කලා ලෝකය ගොඩක් සුන්දර කරපු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි විජය නන්දසිරි කියන්නේ, හැමෝම ඔහු හඳුනන්නේ විජය නන්දසිරි කියන නමින් වුනත් එතුමාගේ සම්පුර්ණ නම ඉලුක්පිටිය මුදියාන්සේලාගේ විජය නන්දසිරි යි, නළුවෙකු නිවේදකයෙකු, ගායකයෙකු ලෙස ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටි විජය නන්දසිරි මනමේ, සිංහබාහු, කුවේනි, රත්නාවලී වැනි වේදිකා නාට්‍යය හරහාත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න සමත් වුනා, ‘මාතර ආච්චී’ සිනමාපටය හරහා සිනමා ලෝකයට පය තබපු එතුමා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, මෙතුමා ටෙලිනාට්‍ය හරහාත් ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙස ජනතා ආදරයට ලක්වුනා,

1947 දී උපත ලැබූ විජය නන්දරිසි මහත්මයා අධ්‍යාපනය හැදෑරුවේ මහරගම විද්‍යාකර විද්‍යාලයෙන්, ඒ වගේම එතුමා විවාහ වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දේවිකා මිහිරානි සමග, නන්දසිරි මහතා 1973 වසරේදී ආරම්භ කල සිනමා දිවිය තුල සිනමාපට විසි පහකට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදී තියෙනවා ඒ තරින් ‘සර් ලාස්ට් චාන්ස්’ ‘බහුබූතයෝ’ ‘ සුහද කොකා’ ‘පිස්සු ඩබල් ‘ධවල පුෂ්පය’ වැනි සිනමාපට වානිජමය වශයෙන් ඉතාම සාර්ථක වුන සිනමා නිර්මාණ විදියට හඳුන්වන්න පුළුවන්,

2007 දී විකට චරිතයකට රඟපැ හොඳම නළුවා ලෙස ප්‍රථම වරට සම්මාන ලබාගත් නන්දසිරි මහත්මයා ආදරණීය දෙදරු පියෙක්, නවන්ජනා නන්දසිරි සහ රසාන්ජන නන්දසිරි තමයි එතුමාගේ ආදරණීය දරුවන් දෙදෙනා, කොහොම වුනත් මේ අසහාය කළා කරුවා 2016 වසරේ ස්ගොස්තුමස 08වන දින සිය ජීවන ගමන නිමා කරනවා, ඒ හදිස්සියේ ඇතිවූ හෘදාබාදයක් හේතුවෙන්,

ඉතින් නන්දසිරි මහතාගේ ආදරණීය පුතනුවන් පසුගිය දවසක ඔහුගේ ජීවිතයේ ලොකු ඉලක්කයක් සම්පූර්ණ කරලා, ඒ පිලිබඳ රසාංජන නන්දසිරි ඔහුගේ මුහුණු පොතේ තියලා තිබ්බේ මේ වගේ සටහනක් ””මට මේ හැම දෙයක්ම මගේ ආදරණීය අම්මා සහ මගේ ආදරණීය තාත්තා නිසා. ඔබගේ ආදරය සහ සහයෝගය නොමැතිව, ගුවන් නියමුවෙකු වීමේ සහ ජාතික ගුවන් සේවයට පියාසර කිරීම ජීවිත කාලය පුරාම මට හීනයක්. ඒ හැමදේටම මම ඔබ දෙපලට සදා ණය ගැතියි.

මම ඔයාට ආදරෙයි අම්මියි තාත්තියි. ඒ වගේම මට මුළු කාලය පුරාම සහයෝගය දුන් මගේ සහෝදරියට ස්තුතියි. මගේ සාර්ථකත්වයේදී වගේම මගේ හොඳ සහ නරක කාලයන්හී මා සමඟ සිටි මගේ මිතුරන් සිහිපත් කරන්න ඕනේ. මෙම සාර්ථකත්වය කරා යන ගමනට මට උපකාර කළ මගේ සියලුම උපදේශකයින්ට ස්තුතියි. අවුරුදු 8ක මහන්සිය, ප්‍රතිඵලය”

Related Posts

Leave a Reply

Your email address will not be published.