Tue. May 17th, 2022

චේතනා කැටගොඩ කියන්නේ බොහෝ දෙනෙක් දන්න අඳුරන චරිතයක්. ඇය බොහෝ සේ ප්‍රසිද්ධ වුණේ සමාජ මාධ්‍ය හරහා. ටික් ටොක් හරහා බොහෝදෙනකුගේ ආදරේ දිනාගත්ත ඇය හඬ කැවීම් ශිල්පිනියක්ද වෙනවා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. ඔබ මුලදි කැමති වුනේ නැද්ද රංගන ශිල්පිනියක් වෙන්න, ඇත්තටම නැහැ. මොකද ඒක මගේ ලොකු ෆැෂන් එකක් නෙවෙයි. මම තීරණය කරන්න ඕන මගේ සුදුසුකම් වලට ගැලපෙන දේවල් කරන්න. හැබැයි මම හොයාගෙන නොගිහින් කරපු ටෙලිනාට තුනක් වගේ තියෙනවා. මම ලැබෙන හැම ආරාධනා පොත් පිළිගන්න කෙනෙක් නෙවේ. මොකද මම තීරණය කරන්න ඕනේ මට ඒ දේ කරන්න පුළුවන්ද කියලා.

ඔබට ලැබෙන චරිත කොයි වගේද, ඇත්තටම මගේ මුහුණ දැක්කම මට ගොඩක් ලැබෙන්නේ පිස්සු චරිත. මට ගොඩක් චාන්ස් තියෙන්නේ ඒ වගේ චරිත වලට තමයි. මම කරපු සමහර චරිත ඇත්තටම හොයාගන්න වත් නැහැ. ඒ චරිතවල කටහඬ පවා වෙනස්.

ඔබේ ප්‍රේමය ගැන කිව්වොත්, ඇත්තටම මම තාම තනිකඩ කෙනෙක් .මට කාගෙන්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අවුරුදු තුනක් තිස්සේ මට ප්‍රේමයක් නැහැ.

ඇත්තටම චේතනා කොහොමද ටික් ටොක් වලට සම්බන්ධ වෙන්නෙ, ඇත්තටම ඒක සිද්ධ වෙන්නේ මගේ මානසික නිදහස උදෙසා. ඇත්තම කතාව මම එක පටන් ගත්තෙ ආතල් එකට කික් එකට. ඒ අවුරුදු පහකට විතර කලින්. මගේ ජීවිතේ හරියට අච්චාරුවක් වගේ. මොකද මම නීතිය කරනවා ගුරුවරියක් විදිහට කටයුතු කරනවා හඬ කවනවා මේ හැමදේම එක්ක තමා මම ජීවිතේ ගෙවන්නේ. සමහර වෙලාවට මම බොහොම සාමාන්‍ය විදිහට මේ දේවල් කරන නිසා තමයි ගොඩක් අය මට කැමතියි.

ජීවිතයේ බලාපොරොත්තු මොනවාද, 2022 මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මලේ සිගින් පැත්ත හදාගන්න එක. මම සංගීතය කියන දේ නතර කළා දැන් අවුරුදු දහයක් විතර වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *