මම එයාට මගේ අඩිපාරේ ඇවිත් නිලියක් වෙන්න දෙන්නේ නෑ – සේමිණී ඉද්දමල්ගොඩ

රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම චරිතාංග රංගන ශිල්පිනියක් තමයි සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ, කාලෙන් කාලෙට විවිද චරිත හරහා ප්‍රේක්‍ෂක හදවත දිනාගන්න සමත්වුණ සේමිණී සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, ඉතින් සේමිණී මොකද වෙන්නේ මේ දවස්වල, ”මේ දවස්වල මම රංගන දායකත්වය ලබාදීලා තියෙන ටෙලිනාට්‍යක් විකාශනය වෙනවා, ඒ වගේම ෂූටින් තියෙනවා, තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා මේ වැඩත් එක්ක ඒවා තමයි මේ දවස්වල වෙන්නේ”

සේමිණී ටෙලිනාට්‍ය රංගනයෙන් සම්බන්ද වෙන්නේ කාලෙකට පස්සේ නේද..? ”ඇත්තම කියනවනම් ඔව්, මම ටෙලිනාට්‍යක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ගොඩක් කාලෙකට පස්සේ, හරියටම කියනවනම් අවුරුදු 7කට විතර පස්සේ, පහුගිය කාලෙම මම වැඩිපුරම සම්බන්ද වුනේ චිත්‍රපට හරහා, අනිත් කාරනාව තමයි මම කැමති නෑ මෙගා නාට්‍ය කලාවට, ඒ නිසා මම ටිකක් ඒ නාට්‍යවලින් ඈත්වෙලා හිටියා, හතු පිපෙනවා වගේ චරිත සහ පිටපතක් නැති ටෙලිනාට්‍යවලට මම කැමති නෑ”

කලාව ඇතුලේ සීමාවක් තියාගෙන රඟපාන එක රංගන ජීවිතයට කරන අසාදාරනයක් නෙවෙයි ද..? ”මෙහෙමයි මම ටෙලිනාට්‍ය කරන්නේ නෑ කියන තැන නෑ, හොඳ නිර්මාණයක් ලැබුනොත් මම බාරගන්නවා, මම කියන්නේ මම කරන මගේ කැපකිරීමට වටිනාකමක් නැතිවෙන විදියේ දේවල් මම කරන්නේ නෑ, හොඳ නිර්මාණකරුවෙක්, හොඳ පිටපතක් එක්ක ආරාධනාවක් ලැබුනොත් මම ඒක බාරගන්නවා, පහුගිය කාලයේම මම වැඩිය වැඩකලේ නැත්තේ ඒකයි”

දැන් ගෙවෙන ජීවිතේ ගතකරන්නේ සතුටින්ද..? ”මගේ ජීවිතේ සතුට ආදරය කියන දේවල් අඩුවක් නැතුව ලැබිලා තියෙනවා, මම කොහොමත් හැම මොහොතකම උත්සහ කරන්නේ සතුටින් ඉන්න, දැන් මට අවුරුදු 21ක ලොකු දුවක් ඉන්නවා, අම්ම්මෙක් විදියට වෙන සතුටුවෙන්න මට වෙන දේවල් ඕන නෑ, මම ජීවිතේ විඳින කෙනෙක් විඳවන කෙනෙක් නෙවෙයි, ඉතින් මට සතුටුවෙන්න ගොඩක් දේවල් ඕන නෑ,”

දුවත් අම්මගේ අඩිපාරේ ගිහින් රංගන ශිල්පිනියක් වෙයිද..? ”මම හිතන්නේ එයා මගේ අඩිපාරේ ගිහින් කලාවට සම්බන්ද වෙන එකක් නෑ, එයා කලාවට සම්බන්ද වෙන්න කැමති නෑ, දැන් මගේ දුව උසස් අධ්‍යාපනය හදාරනවා, මමත් පොඩ්ඩක්වත් කැමති නෑ මගේ දුව මගේ අඩිපාරේ ගිහින් නිලියක් වෙනවට, එයා එයාගේ කැමැත්ත විදියට ජීවිතේ ඉදිරියට අරගෙන යාවි මම එයා කැමති ඕනෑම දෙයකට උදවු කරනවා”

Related Posts