‘මම එයාට ආදරෙයි කියලා දන්නවා ඒත් එයා මාව ගණන් ගන්නේ නෑ’ සමාධි කියන කතාව

ඇය නවක පරපුරේ රංගන ශිල්පිනියක්. හැකියාවෙන් රංගනයට පිවිසි යත් ප්‍රේක්ෂකයින් ඇයව අඳුනගත්තේ ඇගේ කොණ්ඩය නිසා. දිවි තුරා ටෙලිනාට්‍ය හරහා කලාවට පිවිසෙන ඇයනමින් සුදික්ෂා සමාධි පෙරේරා. ඇයට දඟකාර කටකාර චරිත හිමි වෙන්නේ ඇගේ කොණ්ඩය නිසාමයි, ඇත්තටම ඔව්. මගේ පෙනුම නිසා මට මේ වෙනකල් ලැබුණ චරිත හැම එකක්ම දඟකාර කටකාර චරිත. හැබැයි මම කැමැතියි වෙනසක් කරන්න. වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න. බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරියේදී ඒ වගේ වෙනසක් කරන්න.

යාලුකම නැති වෙයි කියලද ඒකපාර්ශ්වික ආදරය හදවතේ හිරකරගෙන ඉන්නේ, ඒක පාර්ශවිය ආදරේට යාලුකම නැති වෙයි කියන බය නම් මට අදාළ නැහැ. ඒ කෙනා දන්නවා මම ආදරෙයි කියලා. සමහරවිට මම ගැලපෙන් නෑ කියලා හිතලා ඒ දේ දැනුනත් නොදැනුනා වගේ ඉන්නවා ඇති. මමත් ඉතින් ඒ දේ දැනගෙන පැත්තකට වෙලා ඉන්නවා .

ඔබේ සහ රෙහානා ගේ ජීවිත වල සමානකම් තියෙනවා ද, ඔව් ඇත්තටම මමත් රෙහානා වගේ තමයි. මොකද යාලුවෝ වෙනුවෙන් දෙයක් කරන්න මම දෙපාරක් හිතන කෙනෙක් නෙමෙයි. මමත් හිත හොඳ අවංක චරිතයක්. රොහානාගේ ඇති චරිත ලක්ෂණ මගේ ජීවිතය තුළ තියෙනවා. එහෙම කියලා මම කියන්නේ නෑ හැම වෙලාවකම මගෙයි රෙහානාගෙයි අතර සමානකම් තියෙනවා කියලා. සමහර ආකල්ප අපි දෙන්නගෙම එකයි.

ඔබ ව්‍යාපාරිකාවක්. කොහොමද මේ කටයුතු සමබරව කරගෙන යන්නේ, අපිට කාලේ ප්‍රයෝජන ගන්න පුළුවන් කාලයේ උපරිම ප්‍රයෝජන ගන්න ඕන. මම මට පුළුවන් උපරිම දේ කරන කෙනෙක්. කවුරුහරි කියනවානම් ව්‍යාපාර කරද්දි රංගන කටයුතු කරන්න බැහැ කියලා එහෙම දෙයක් නැහැ. මම මගේ කාලය උපරිම ප්‍රයෝජන ගන්නවා. අනාගතය කියන දේ කොහොම සිද්ධ වෙයිද කියලා අපිට හිතන්න බැහැ. හැබැයි මම වර්තමානය නිර්මාණය කර ගන්නවා.

ඔබ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙන්නේ ඔබේ කොණ්ඩේ නිසා, මගේ කොණ්ඩය නිසා තමයි ගොඩක් අය මාව අඳුරගන්නේ. මගේ කොණ්ඩය කියන්නේ මගේ බාහිර ලස්සනක්. කොන්ඩේ කියන දේ මම දකින්නේ මට ලැබුණ ආභරණයක් විදිහට. එහෙම කියලා මම රඟපාන චරිත අසාර්ථක විදිහට රඟපාන්නේ නැහැ. මම සාර්ථක විදිහට චරිත රඟපාලා තමා ප්‍රේක්ෂකයින් අතරට එන්න හදන්නේ. කොණ්ඩය කියන්නේ මාව හඳුන ගන්නසලකුණක් විතරයි. නැතුව මගේ දක්ෂතාවයන් මනින මිනුමක් නෙවෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *