Tue. May 17th, 2022

පියුමි ශ්‍රීනායක කියන්නේ මේ වන විට බොහෝ දෙනෙක් කතාබහට ලක් කරන චරිතයක්. ඇය බොහෝ නිහතමානි කලාකාරිනියක් නිසාම බොහෝ දෙනා ඇයව ආදරෙන් වැළඳ ගෙන තියෙනවා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. නිරූපණ ශිල්පිනියක් විදියට කලාවට එකතු වුණා ඔබ දැන් නිරූපණය අතහැරලා ද, ඇත්තටම ඔව් දැන් මට නිරූපණය කියන දේ මතක වත් නැහැ. මම නිරූපණය අතහැරලා ඉවරයි. ලංකාවේ උනත් දැන් නිරූපණය කියලා දෙයක් නැහැ. ඒ නිසාම ඒ ශ්‍රේෂ්ත්‍රයේ අතහැරලා මම රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙනවා.

ඒ කියන්නේ ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්, ඇත්ත⁣ටම මම වෘත්තීය නිළියක් කියන්න අමාරුයි තවම. මම මේ දිනවල ඇඳුම් ව්‍යාපාරයක් කරගෙන යනවා මේ ගෙවන කාලෙත් එක්ක වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න හරිම අමාරුයි.

ඔබ අද වෙනකන් ආව ගමන ගැන මොකද හිතන්නේ, ඇත්තටම මට ගොඩක් සතුටුයි. මේ ක්ෂේත්‍රයට එන්න ගොඩක් අය ලොකු කට්ටක් කනවා. ගොඩක් අය ආසාවෙන් ඉන්නවා. මම හිතන්නේ මේ හැම දේටම උනන්දුව උත්සාහය වගේම වාසනාව කියන දේ තියෙන්න ඕනෑ. මම වෙනකන් මම ආපු දුර ගැන මට ගොඩක් සතුටුයි.

ඔබට සිනමාවට ආරාධනා නැද්ද, අලුතින් සිනමාවට ආරාධනා ලැබෙන්න තියා කරපු සිනමා නිර්මාණ ඉදිරියට දෙන්න බැරුවයි ඉන්නේ. මම රඟපෑ චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. ඔබේ රංගන ජීවිතයට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද, මම කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මගේ සැමියාගෙන් මගේ දෙමව්පියන්ගෙන් මම සහයෝගය බලාපොරොත්තු වෙන්නේ. මම උනන්දු වුණොත් මට ඒ දේවල් ලැබෙනවා. මම කා ගැනවත් බලාගෙන ඉන්නෙ නැහැ. මට පුළුවන් දේ මම කරනවා.

ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද, මම ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒ වෙලාවට ලැබෙන දේ ඒ වෙලාවට කරනවා. මට ලැබෙන දේවල් ගැන මම සතුටු වෙනවා. හෙට දවස ගැන ලොකු සැලසුමක් මට නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *