‘මම ඉල්ලලා සම්මාන ගන්න නිලියක් නෙවෙයි’ හැමෝම ආදරේ කරන රිතූ කියන කතාව

කලාව ඇතුලේ මහන්සියෙන් හදාගත්ත නමරැක ගන්න උත්සහ කරන නිළියක් විදිහට රිතූ ආකර්ෂා හදුන්න පුළුවන්. එකිනෙකට වෙනස් චරිත තුළට ඇතුල් වෙමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න ඇය ගැන කතා කරන්නයි අපි මේ සුදානම් වෙන්නේ. කලාවට එන්න පෙර ඇගේ හීනය ගුවන් සේවිකාවක් වීමයි. ඒත් මේ වෙද්දි ඇය කලාවට එකතු වි හමාරයි. කලාවට ඇවිත් වසර 10ක් ගත වුනත් රිතූ කියන්නේ තවමත් කිසිම සම්මානයකට ලක් නොවුන නිළියක්. ඉතින් ඒ නිසාම අප් ඒ ගැන ඇයගෙන්ම අහන්න හිතුවා. “සම්මාන කියන දේ ගැන ඕනිම කෙනෙකුට බලාපොරොත්තු තියෙනවා. මට වුනත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට සුදුසු කාලේදි මට ලැබෙයි. බලෙන් සම්මාන ගන්න කෙනෙක් කෙනෙක්වත් සම්මාන ඉල්ලලා ගන්න ජාතියේ නිළියක්යක්වත් නෙවෙයි මම. මොකද එහෙම සම්මාන අරගෙන ගෙදර තියාගන්න මට ලැජ්ජයි. මට කවදාවත් සම්මාන නොලැබුනත් කමක් නෑ”

රිතූ ගුවන් සේවිකාවක්වෙන්න ආස කළ නිසාම ඒ හිනය අතරමඟ නතර වෙද්දි කලාවට පිවිසිම ගැන ඇය තෘප්තිමත්ද “ඔව් ඇත්තටම මට මේ කලාව ඇතුලේ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගොඩක් වටිනවා. මම හිතන්නේ මට නිළියක් වෙන්න ලැබුන එක වාසනාවක්. රංගන ලෝකය ඇතුලේ අපි ගොඩක් අයගේ විවේචනය ලක් වුනත් අපිට ආදරේ කරන අයගෙන් අපිට ලැබෙන ප්‍රතිචාර සුළුපටු නෑ.

ඒත් කිසිම වෙලාවක මම තිරයෙන් එළියේ මගේ නිළිකම ගැන කියන්න ඒ ගැන හිතන්න කැමති නෑ. මොකද මම තිරය ඇතුලේ නිළියක් වුනාට මම ආස තිරයෙන් පිට සාමාන්‍ය සරළ කෙනෙක් විදිහට ජිවත් වෙන්න. ඒකට හේතුව මගේ වෘත්තීය නිළියක් වුනාට මාත් සාමාන්‍ය කෙනෙක් නිසා. මම මේ ගමන ආවේ මගේ දක්ෂතාවයෙන්. මම හැමදාම අඩියක් හරි ඉස්සරහට තිබ්බා මිසක් කවදාවත් මම අඩියක් පස්සට තියලා නෑ.”

මේ වෙද්දි රිතූ පෙම්වතියක්ද? ” නෑ මම තාම පෙම්වන්තියක් නෙවෙයි. මට විවාහය ගැන කිසිම හදිස්සියක් නෑ. මම ඒ ගැන හිතනවා. මොකද මගේ අම්මා තාත්තා වුනත් දික්කසාද ⁣වුන දෙන්නෙක්. ඉතින් මට වුන දේ මගේ දරුවන්ට වෙනවට මම කැමති නෑ. මමත් ආසයි ලස්සන පවුල්ජිවිතයක් ගත කරන්න. හැබැයි යාළුවුන ගමන් මැරි කරන්න, අනිත් නිලියෝ වගේ ලොකු සල්ලිකාරයෙක් මැරි කරන්න වගේ අදහස් මම ලග නෑ. මට ජිවත් වෙන්න පුළුවන් කියලා කෙනෙක් ලැබුනොත් මම අනිවාර්යයෙන් විවාහ වෙනවා.”

ගොඩක් අය කියනවා නිළියක් විවාහ කරගන්න හොද නෑ. විවාහයෙන් පස්සේ ගොඩක් තරුණියෝ කලාවෙන් සමු ගන්නවා. මේ වගේ දේවල් ගැන රිතූ හිතන්නේ මොන වගේ අදහසක්ද? “ඇයි නිළියෝ විතරද නරක, මේ සමාජේ දික්කසාද වෙන්නේ නිළියෝ විතරද. නෑ අපේ කේෂ්ත්‍රයේ මේ වගේ දේවල් වැඩිපුර කතාවට ලක් වෙනවා. ඒ නිසා ගොඩක අයගේ අවධානය මේ දේවල් වලට යොමු වෙනවා ඒකයි හේතුව. නිළියක් විවාහ කරගන්න අකමැතිනම් විවාහ නොකරගෙන ඉන්නවා. මට වුනත් රංගනයට නිති දාපු පෙම්වන්තයෝ හිටියා. මම ඒ අයගෙන් ඈත් වෙලා මගේ ගමනක් මම හදාගත්තා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *